අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතලේ දොරින් දොරට - ගමින් ගමට වැඩසටහන සඳහා මිලියන 1833ක්

    මැයි 12, 2014

    දොරින් දොරට - ගමින් ගමට ඉසුරුමත් නිවහනක් අසිරිමත් මව්බිමක් තේමාව යටතේ ආර්ථික සංවර්ධන අමාත්‍යාශය 2014 වර්ෂයේ සංවර්ධන වැඩසටහන් වෙනුවෙන් මාතලේ දිස්ත්‍රික්කයේ මාතලේ, රත්තොට, ලග්ගල සහ දඹුල්ල මැතිවරණ කොට්ඨාස සඳහා රුපියල් මිලියන 1833ක් වෙන් කර ඇත.


    මේ අනුව මාතලේ මැතිවරණ කොට්ඨාසය සඳහා රුපියල් මිලියන 363ක්ද රත්තොට මැතිවරණ කොට්ඨාසය සඳහා රුපියල් මිලියන 385ක්ද දඹුල්ල මැතිවරණ කොට්ඨාසය සඳහා රුපියල් මිලියන 621ක් සහ ලග්ගල මැතිවරණ කොට්ඨාසය සඳහා රුපියල් මිලියන 463ක්ද වෙන් කර ඇත.

     

    මෙම මුදල් ප්‍රතිපාදන යටතේ ග්‍රාමිය මට්ටමේ සංවර්ධන යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරන අතර එක් ගමකට එක් වැඩක්, ගම නැඟුම වැඩසටහන, ග්‍රාමීය පාසල්වල සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම, මහජන නියෝජිතයන්ගේ විශේෂ වැඩසටහන්, විමධ්‍යගත අයවැය වැඩසටහන්, වනජීවී සංරක්ෂණ වැඩසටහන්, පළාත් නැඟුම වැඩසටහන්, ජීවනෝපාය සංවර්ධන වැඩසටහන්, සුළු වාරිමාර්ග හා පුරන් කුඹුරු අස්වැද්ද වීම සහ පාලම් හා ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

     

    NDH/GNK-ISB dmu matale

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya