අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යාපනයේ දී දර්ශනීය වෙසක් කලාපයක්

    මැයි 12, 2014
    යාපනය ආරක්ෂක සේනාව විසින් පස්වන වරටත් නගර මධ්‍යයේ බුදු තෙමඟුල සිහිකරමින් "යාපා පටුනයි දහම් අමාවයි" යන තේමාව යටතේ දර්ශනීය වෙසක් කලාපයක් මේ මස 14, 15 සහ 16 යන දිනවල ප‍්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා ඇත.
     
    ඉදිවන දැවැන්ත තොරණ උස අඩි 43 කින් හා පළල අඩි 42 කින් ද වර්ණවත් විදුලි බුබුළු 60000 කින් ද ආලෝකමත් කෙරේ. විචිත‍්‍ර පහන් කූඩු විශාල ප‍්‍රමාණයක් හා ප‍්‍රණීත ආහාර පාන සහිත දන්සැලකින් සමන්විත වන මෙම වෙසක් කලාපය මඟින් ඇතිවන ආගමික සංහිඳියාව තුළින් ජාතික සමඟිය ඇති කිරීමට බලාපොරොත්තු වේ.
     
    මෙහි තවත් එක් විශේෂ අංගයක් වනුයේ ද්‍රවිඩ හා සිංහල බසින් ගායනා කරනු ලබන වෙසක් භක්ති ගීත සංදර්ශනයයි. යාපනය දමිළ බෞද්ධ සංගමයේ දරුවන්ද, පාසල් සිසු සිසුවියන් මෙන්ම යුධ හමුදා සෙබළ සෙබළියන්ද ගායනයෙන් භක්ති ගීත සංදර්ශනයට දායක වේ. 
     
    DB/Priu
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya