අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොතුවිල් මූලික රෝහලට ලේ බැංකුවක් මැයි අවසානයේ දී

    මැයි 11, 2014

    පොතුවිල් මූලික රෝහලට අඩුපාඩුවක් ව පවතින ලේ බැංකුව මේ මැයි මස අවසානයේ දී ආරම්භ කිරීමට නියමිතය.


    මෙම රෝහලට අනෙකුත් ආසන්න ලේ බැංකුවලින් සේවාවන් ලබා ගැනීමේ දුෂ්කරතාවන් හඳුනාගෙන ඇති අතර විශේෂඥ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය නොමැති ව මේ රෝහලේ ලේ බැංකුවක් ස්ථාපනය කළ නොහැකි ව තිබුණි. ආසන්නතම ලේ බැංකුව වන අක්කරපත්තුව මූලික රෝහලේ ලේ බැංකුව වෙතින් ඒ සඳහා සේවා ලබා ගැනීම මෙතෙක් සිදුකර තිබේ.
     

    පොතුවිල් මූලික රෝහල වැඩි දියුණු කර විශේෂඥ වෛද්‍ය සේවාවන් ලබා දීම මෑතක සිට සිදු කරනු ලබයි. මේ රෝහලේ ලේ බැංකු සේවාවන් ආරම්භ කිරීම සඳහා පසුගිය අප්‍රේල් 30 දින වන විට මූලික අත්‍යවශ්‍ය උපකරණ සැපයීමට පියවර ගෙන තිබූ නමුත් එම උපකරණ සැපයීම ප්‍රමාද වීම නිසා අදාළ සේවාව ලබන මැයි 31 දක්වා ස්ථාපිත කිරීම කල් දමනු ලැබීය.


    මේ ලේ බැංකුවේ රුධිර නිෂ්පාදන තොග රැස් කර පවත්වා ගැනීම සඳහා දැනට ක්‍රියාත්මක ලේ බැංකු සමූහයේ අනෙකුත් ලේ බැංකුවලට සහය වනු පිණිසත්, ලේ බැංකුව ස්ථාපනය කරනු පිණිසත් 2013 ජනවාරි හා මැයි මාසයන්හි වෛද්‍ය නිලධාරියෙකු හා හෙද නිලධාරිනියන් දෙදෙනකු පුහුණු කර තිබේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya