අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උක් පර්යේෂණ ආයතනයේ 16 දෙනෙකුට ස්ථීර පත්වීම්

    මැයි 11, 2014

    සීනි කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින උක් පර්යේෂණ ආයතනයේ වසර 20ක් පුරා අනියම් සේවකයන් ලෙස කටයුතු කළ 16 දෙනෙකුට ස්ථිර පත්වීම් ප්‍රදානය කිරීම සීනි කර්මාන්ත සංවර්ධන අමාත්‍ය ලක්‍ෂ්මන් සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දි ඉකුත් සිකුරාදා සිදු කෙරිණි.


    මෙහිදි අදහස් දැක්වු ලක්‍ෂ්මන් සෙනෙවිරත්න අමාත්‍යතුමා, වසර 20ක් අනියම් සේවකයන් ලෙස කටයුතු කළ මෙම සේවක මහතුන් වෙත මෙම පත්වීම් ලිපි ප්‍රදානය කිරීමට ලැබීම මෙම මැයි මාසයේ කර ගන්නා ලද විශාල පුණ්‍යකර්මයක් බව විශ්වාස කරන බවද,  අදින් පසු මෙම ආයතනයේ ගෞරවය රැකගෙන වත්මන් රජය ආරක්ෂා කර ගනිමින් තම සේවය නොපිරිහෙලා ඉටු කිරීමට අධිෂ්ඨාන කර ගත යුතු බවද පැවසීය. අතිගරු ජනාධිපතිතුමාට සහ තමාට මේ සම්බන්ධයෙන් දිනකට පෙත්සම් දෙක තුනක් ලැබෙන බවද, අදින් පසු පෙත්සම් ගැසීම නතර කොට එම කාලයද තමාගේ ආයතනය වෙනුවෙන් වැය කළ යුතු බව අමාත්‍යතුමා වැඩි දුරටත් පැවසු අතර, පත්වීම් ලද සියලු දෙනාටම සුභ පැතීය.


    අමාත්‍යවරු ගණනාවක් යටතේ මෙම සේවක මහතුන් ස්ථිර කර ගැනීමට උත්සහ ගත්තද එය ව්‍යර්ථ වු බවත්, සීනි කර්මාන්ත සංවර්ධන අමාත්‍ය ලක්‍ෂ්මන් සෙනෙවිරත්න මහතා සහ අමාත්‍යාංශ ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහත්වරුන්ගේ මූලිකත්වයෙන් මෙම කටයුතු ඉටු කර ගත හැකි වු බවත්, උක් පර්යේෂණ ආයතනයේ සභාපති සිරිල් සුදුවැල්ල මහතා එහිදී පැවසීය.


    ශ්‍රි ලංකා නිදහස් සේවක සංගමයේ ලේකම් ජී. සෝමවීර මහතා ස්තුති කතාව පැවැත්වු අතර, මෙම අවස්ථාවට සී/ස ලංකා සීනි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි/ අධ්‍යක්ෂ/ හිලරි පෙරේරා මහතා, අතිරේක ලේකම් එස්. සේනානායක මහතා සහ අමාත්‍යාංශයේ නිලධාරි මහත්ම මහත්මීහු සහභාගි වුහ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya