මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුරෝපයට කරන ලද සමස්ත අපනයනවල 16.3%ක කැපීපෙනෙන වර්ධනයක්

    මැයි 12, 2014

    මේ වසරේ පළමු කාර්තුව තුළ යුරෝපයට කරන ලද සමස්ත අපනයනවල 16.3%ක කැපීපෙනෙන වර්ධනයක් සිදු වී ඇති බවත් එය ඇමරිකන් ඩොලර් මිලියන 896ක අගයක් වන බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා කොළඹ පැවති යුරෝපා සංගම් - ශ්‍රී ලංකා වාණිජ සංවාදයේ (Eu-Sri Lanka Trade Dialog) ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.


    2013 වසරේදී යුරෝපය හා ශ්‍රී ලංකාව අතර ඇමරිකානු ඩොලර් බිලියන 4.9ක වෙළෙඳ ගනුදෙනුවක් සිදු වී ඇත. ඉන් ඇ.ඩො.බිලියන 3.27ක් ලංකාවෙන් සිදු කළ අපනයනයන් වේ. නමුත් 2009දී අප යුරෝපයට සිදු කළ අපනයනවල වටිනාකම ඇ.ඩො.බිලියන 2.7ක් පමණ වනු ඇත. ඒ අනුව ක්‍රම ක්‍රමයෙන් අපට යුරෝපයට සිදු කෙරෙන අපනයන ධාරිතාව ඉහළ නංවා ගැනීමට හැකි වී තිබේ. මේ වන විට යුරෝපයට සිදු කෙරෙන සමස්ත අපනයන ආදායමෙන් 60%ක් වැනි සුවිශාල දායකත්වයක් ඇඟළුම් ක්ෂේත්‍රය ලබා දෙන බවත් අමාත්‍යවරයා පැවසීය.


    යුරෝපය හා ශ්‍රී ලංකාව අතර සිදු වන වෙළෙඳාම හා ආයෝජන කටයුත ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් 1996දී යුරෝපා සංගම් - ශ්‍රී ලංකා වාණිජ සංවාදය ආරම්භ කෙරිණි. යුරෝපා රටවල් 28ක් මෙහි සාමාජිකයෝ වෙති. යුරෝපය තුළ පවතින දියුණු කළ හැකි වෙළෙඳපොළවල් හඳුනා ගනිමින් ඒ සඳහා නිවැරදි පිවිසුමක් ලබාගැනීමට මේ සංවාදයෙන් අවස්ථාව උදා වී ඇතැයි ද ඔහු කීය.


    ශ්‍රී ලංකාවේ කෘෂි නිෂ්පාදන, සකස් කළ ආහාරපාන වර්ග, ඉලෙක්ට්‍රොනික් උපාංග, මැණික් හා ස්වර්ණාභරණ, රබර්, ප්ලාස්ටික්වලට මෙන්ම තේවලට ද යුරෝපා වෙළෙඳපොළ තුළ ඉහළ ඉල්ලුමක් පවතී. මෙවර පැවැත්වෙන යුරෝපා සංගම් - ශ්‍රී ලංකා වාණිජ සංවාදය සඳහා ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය, බෙල්ජියම, චෙක් ජනරජය යන රටවල්වල වාණිජ මණ්ඩලවල ඉහළ පෙළේ නිලධාරීහු සහභාගී වූහ. එම රටවල පවතින්නා වූ වෙළෙඳ හා ආයෝජන අවස්ථාවන් පිළිබඳ ව ශ්‍රී ලංකා නියෝජිතයන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කරනු ලැබීය.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya