අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ විශ්වවිද්‍යාලයෙන් වෛද්‍ය කඳවුරක් පදවියේ

    මැයි 10, 2014

    කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ විද්‍යාර්ථින් විසින් සංවිධානය කරනු ලබන වෛද්‍ය කඳවුරක් අද (10) හා හෙට (11) දෙදින පුරා අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ පදවිය, වෙහෙරතැන්න ගම්මානයේදී පැවැත්වේ.


    මේ වෛද්‍ය කඳවුර කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ ගවේශකයෝ සංගමය සංවිධානය කර ඇත. ගල්කුලම හමුදා කඳවුරේ සහය ඇතිව පවත්වනු ලබන මෙම වෛද්‍ය සායනය කොළඹ ජාතික රෝහල, කාසල් කාන්තා රෝහල සහ පදවිය ග‍්‍රාමීය රෝහල්වල කාර්යමණ්ඩල ඒකාබද්ධව පවත්වනු ඇත.


    මේ සඳහා වයස් භේදයකින් තොරව වෙහෙරතැන්න ගම්මානයේ සියලුදෙනාට සහභාගී විය හැකි බව එම විද්‍යාර්ථීහු පවසති. මෙහිදී බෝ නොවන රෝග, පිළිකා හට ගැනීමට ඇති හැකියාව කලින් හඳුනා ගැනීම, දන්ත සායන, අක්ෂි සායන, චර්ම රෝග පිළිබඳ සායන ආදී සිරුරේ සෑම කොටසක්ම පරීක්ෂාවට බඳුන් වන පරිදි සායන පවත්වනු ලැබේ.

     

    වෛද්‍ය කඳවුරේ ප‍්‍රථම දින සෞඛ්‍ය සායනයට අමතරව ප‍්‍රදේශයේ ජනතාවගේ වකුගඩු පිළිබඳ සමීක්ෂණයක් සිදු කිරීමට නියමිතය.

     

    මීට අමතරව අනිද්දා පස්වරුවේ විදුලිය නොමැති ගම්මානයක් වන වෙහෙරතැන්න ගම්මානයේ ජනතාව අතර ලන්තෑරුම් 250ක් බෙදා දීමටත්, ගම්මානයේ පුස්තකාල සහ පාසල් ළමුන් අතර පොත්පත් බෙදාදීමටත් නියමිතය.

     

    NDH/DM

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya