අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට උසස් පෙළ විභාගය පිළිබඳ වැඩමුළුවක් 12 වැනිදා

    මැයි 10, 2014

    අධ්‍යයන පොදු සහතිකපත්‍ර (උසස් පෙළ) විභාගයෙහි ඇගයීම් වාර්තා බෙදාදීම හා පාසල පදනම් කර ගත් ඇගයීම්වලට අදාළ විස්තර, ලකුණු ලැයිස්තු බෙදාදීමේ වැඩමුළුවක් ලබන 12 දින පෙරවරු 9.00ට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ සී.ඩබ්.ඩබ්. කන්නන්ගර ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.


    මේ සඳහා සියලුම පළාත් හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහභාගී වනු ඇත. මෙහිදී පළාත් අධ්‍යාපන කාර්යාල 09 හා කලාප අධ්‍යාපන කාර්යාල 97 සඳහා එම ලකුණු ලැයිස්තු සමඟ සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යවලින් මුද්‍රණය කරන ලද භෞතික විද්‍යාව හා රසායන විද්‍යාව විෂයයන්ට අදාළ ඇගයීම් වාර්තාත් සිංහල හා දෙමළ මාධ්‍යවලින් මුද්‍රිත ජීවවිද්‍යාව, සංයුක්ත ගණිතය, ආර්ථික විද්‍යාව, ගිණුම්කරණය හා ව්‍යාපාර ගණිතය විෂයයන්ට අදාළ ඇගයීම් වාර්තාත් බෙදා දෙනු ඇත.

    මේවා ඵලදායී ලෙස ඉගෙනුම් හා ඉගැන්වීම් ක්‍රියාවලිය සඳහා යොදා ගත හැකි ආකාරය පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීමටත් කටයුතු කරන බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya