නොවැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කළුතර සංවර්ධනයට මිලියන 3330ක්

    මැයි 09, 2014
     
    කළුතර දිස්ත‍්‍රික්කයේ සංවර්ධනය කටයුතු සදහා රු. මිලියන 3330ක මුදල් ප‍්‍රතිපාදන ආර්ථික සංවර්ධන අමාත්‍යංශය මගින් වෙන්කර දී තිබේ.
     
    2014 වර්ෂය සදහා වෙන්කර ඇති මෙම සියලු මුදල් ප‍්‍රතිපාදන මේ වන විටත් දිස්ත‍්‍රික්කය සදහා ලැබී ඇති බව කළුතර දිස්ත‍්‍රික් ක‍්‍රම සම්පාදන කාර්යාලය පවසයි.
     
    ගම නැඟුම, ග‍්‍රාමීය පාසල් නගාසිටුවීම, දිවිනැඟුම, සුළු වාරිමාර්ග, පළාත් නැඟුම, විමධ්‍යගත අයවැය වැඩ සටහන, එක් ගමකට එක් වැඩක් හා මහජන නියෝජිතයන්ගේ විශේෂ යෝජනා යන අංශ යටතේ මෙම ව්‍යාපෘති ක‍්‍රියාත්මක වීමට නියමිතය.
     
    මෙම සියලු මුදල් ප‍්‍රතිපාදන 2014 වර්ෂය තුළ වැය කිරීමට අවශ්‍ය ව්‍යාපෘති කඩිනමින් සකසා ඉදිරිපත් කරන ලෙස ආර්ථික සංවර්ධන අමාත්‍යංශය සියලු රාජ්‍ය ආයතන සඳහා උපදෙස් ලබා දී තිබේ.
     
    මේ සඳහා අදාළ ව්‍යාපෘති ඇස්තමේන්තු දැනටමත් සකස් කරමින් පවතින අතර සමහර ව්‍යාපෘති ආරම්භ කර ඇත.
     
    මෙම මුදල් ප‍්‍රතිපාදනවලට අදාළ ව්‍යාපෘති සියල්ලම මෙම වර්ෂය තුළ අවසන් කිරීමට කටයුතු කරන බව කළුතර දිස්ත‍්‍රික් ලේකම් යූ.ඩී.සී. ජයලාල් මහතා පවසයි.
     
     
    MAP/WMS_dmu_kalutara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya