අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2005 උපාධිධාරීන්ගේ ගැටලුවට හොඳ විසඳුමක් දුන්නා

    මැයි 09, 2014
    මේ සමාජ ක්‍රමය තුළ විවිධ අන්තවාදී කණ්ඩායම්, දේශපාලන පක්ෂ කරන්නේ ප්‍රශ්න ඇති වන අයුරින් කටයුතු කිරීම බවත් ඇතැම් අවස්ථාවන්හිදී ඊට විසඳුම් ලබාදීමට නොහැකි වන බවත් වයඹ ප්‍රධාන අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතා පැවසීය.

     
    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (08) වයඹ පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවති ගුරු පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවයකට සහභාගීවෙමිනි.
     
    එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ, පළාත් සභාවක් ලෙස 2005 උපාධිධාරීන්ගේ ප්‍රශ්නවලට විසඳුමක් නැතිව මේ ගමන ඉදිරියට යන්න බැහැ. අපිට අලුත් දේවල් කරන්න තිබ්බත් අද වෙලා තියෙන්නේ පරණ පව් සේරම ඔළුවේ තියාගෙන ඉදිරියට යන්නයි. 100 දෙනෙකු අද පත්වීම් ගන්නා අතර 2005 උපාධිධාරීන් හට ස්ථීර පත්වීම් දීම සිදු කරනු ඇත. ජනාධිපතිතුමාගේ උපදෙස් හා ආශිර්වාදය මේ වැඩපිළිවෙළ සඳහා උප‍රිමයෙන් ලැබුණු බවත් අනාගතේදී මෙවැනි ගැටලු ඇති වීමට ඉඩ නොදෙන බවත් කීය.  
     
    පුත්තලම දිස්ත්‍රික්කයේ අධ්‍යාපනයේ පසුබෑමක් ඇති අතර ඒ ප්‍රදේශය වෙනුවෙන් කැප වී වැඩ කර අපේ සමාජයට, රටට හොඳ දරුවන් බිහිකරන ලෙස ද ඉල්ලා සිටි ඔහු වයඹ අධ්‍යාපනය වෙනුවෙන් ගුරුවරුන් පුහුණු කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න අවශ්‍ය බව ද සඳහන් කළේය.
     
    NDH
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya