අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගිනිගත්හේන පාසල් දෙකකට පාසල් උපකරණ

    මැයි 08, 2014

    නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රජා සත්කාරක සේවාවන් වඩාත් වර්ධනය කරමින් පසුගියදා ගිනිගත්හේන දුෂ්කර පාසල් දෙකක් සඳහා පාසල් පොත් හා උපකරණ ප්‍රදානය කිරීමක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මඟින් සිදුකෙරිණි.


    ඒ අනුව හැටන් මොරතොටයාය වත්ත විද්‍යාලයට හා හැටන් කෙහෙල්වරාව විද්‍යාලයට මෙම පොත් හා පාසල් උපකරණ ප්‍රදානය කිරීම නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතාගේ උපදෙස් මත අතිරේක දිස්ත්‍රික් ලේකම් යූ.ඩබ්.ආර්. යු.එම්. අමරසේකර මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.


    ගිනිගත්හේන නගරයේ සිට කි.මී. 13ක දුරින් පිහිටි මොරතොටයාවත්ත කණිෂ්ඨ විද්‍යාලයේ මේ වන විට 1 ශ්‍රේණියේ සිට 04 ශ්‍රේණිය දක්වා දූ දරුවන් 27 දෙනෙකු අධ්‍යාපනයේ නිරත වන අතර විදුහල්පති ප්‍රමුඛ ගුරු මණ්ඩලය තිදෙනකු ඉගැන්වීම් කටයුතුවල නිරත වී සිටිති. 10 වන ශ්‍රේණිය දක්වා අධ්‍යාපන කටයුතු පැවැති මොරතොටයාවත්ත කණිටු විදුහල මීට වසර කිහිපයකට පෙර වසා දමා තිබූ අතර 2012 වසරේ නැවත විවෘත කර ඇත. රුපියල් 1000.00ක් වටිනා පොත් කට්ටලය බැගින් කුඩා දූ දරුවන්ට ප්‍රදානය කිරීහට පියවර ගෙන ඇත.


    හැටන්, ගිනිගත්හේන,කෙහෙල්වරාව කණිෂ්ඨ විද්‍යාලය 1 ශ්‍රේණියේ සිට 8 ශ්‍රේණිය දක්වා දු දරුවන් 30 දෙනෙකුගෙන් සමන්විත වේ. මෙම පාසලේ ඉගැන්වීම් කටයුතු සඳහා විදුහල්පතිතුමිය ප්‍රමුඛ ගුරු මණ්ඩලයේ 05 දෙනෙකු යෙදී සිටිති. ගිනිගත්හේන නගරයේ සිට කි.මී. 14ක දුරින් පිහිටි මෙම විද්‍යාලය 1945 වසරේ ආරම්භ වූවකි.

    දූ දරුවන් වෙනුවෙන් මෙදින තරග කිහිපයක් සංවිධානය කොට තිබූ අතර ජයග්‍රාහකයන්ට ත්‍යාග පිරිනැමීමද සිදු විය. උදෑසන හා දිවා ආහාර වේලක් ද පාසල් දුවා දරුවන් වෙනුවෙන් ලබා දීමට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය කටයුතු කොට තිබුණි.

     

    NDH/SH-dmu nuwaraeliya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya