අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෑගල්ලේ මහින්දාලෝක වෙසක් කලාපය මැයි 14- 18

    මැයි 08, 2014

    සම්බුදු තෙමඟුල සිහි කරමින් කෑගල්ල නගරය කේන්ද්‍රව පැවැත්වෙන මහින්දාලෝක වෙසක් කලාපය මේ මස 14 සිට 18 දක්වා මහත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇතැයි කෑගල්ල දිස්ත්‍රික් ලේකම් තුසිත පී වනිගසිංහ මහතා පවසයි.


    පිටිහුම සිට නිදහස් මාවත, රොක්හිල් උයන සිට පරගම්මන දක්වා වූ  ප්‍රදේශ ආවරණය වන ලෙස මහින්දාලෝක වෙසක් කලාපය පැවැත්වේ. තොරණ හා ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය, භක්ති ගීත, වෙසක් පහන් කූඩු හා වෙසක් සැරසිලි, දන්සල් ආදිය මෙම වෙසක් කලාපයට සමගාමීව පැවැත්වේ.


    මහීපාල හේරත් පදනම, රංජිත් සියඹලාපිටිය මිත්‍රත්ව පදනම, තාරක බාලසූරිය පදනම, කෑගල්ල නගර සභාව, කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, කෑගල්ල ප්‍රාදේශීය සභාව, කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, පොලීසිය, බැංකු ආයතන, රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන හා ව්‍යාපාරික ප්‍රජාව එක්ව මෙම වෙසක් කලාපය සංවිධානය කර ඇත.

     ECB/LT dmu_Kegalle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya