අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනුරාධපුර පූජා භූමියේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට නීත්‍යනුකූල පියවර

    මැයි 08, 2014

    අනුරාධපුර පූජා භූමිය තුළ දැනට ඇති අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට නීත්‍යනුකූල පියවර ගන්නා  බවත් දැනට පුජා නගරය තුළ  ජීවත් වන පිරිස් ඉන් ඉවත් කර ඒ වෙනුවට විකල්ප ස්ථාන ලබාදීමට කඩිනමින් පියවර ගන්නා බවත් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් මහින්ද සෙනවිරත්න මහතා පවසයි.


     දිස්ත්‍රික් ලේකම්වරයා මේ බව පැවසුවේ පසුගියදා අනුරාධපුර පූජා ප්‍රදේශ සැලසුම් කමිටු සාකච්ඡාවට එක් වෙමිනි. එහිදී පූජා නගරය හා ඒ අවට ප්‍රදේශ සැලසුම් සහගතව පවත්වා ගැනීම පිළිබඳව දීර්ඝව සාකච්ඡා කෙරිණි.


    රැස්වීමට කරුණු ඉදිරිපත් කළ භෞතික සැලසුම් අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පූජා නගරය පිළිබඳව  ඒ මහතාගේ නව සැලසුම් කිහිපයක් එහිදී ඉදිරිපත් කරන ලද බව අප අනුරාධපුර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පවසයි. රථගාල් සංවර්ධනය, ‍ලෝවාමහපාය අසල පොහොය ගෙයක් නිර්මාණය කිරීම, පූජා නගර සීමා‍ ද්වාර හතරක් ඉදිකිරීම ආදී යෝජනා රැසක් ඒ අතර විය. මේ සියල්ල සඳහා වන ප්‍රතිපාදන වෙන් කිරීම් පිළිබඳව ඉදිරියේ දී අදාළ බලධාරීන් දැනුවත් කරන බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.


    ECB/SB dmu_Anuradhapura

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya