පිටරටට ඇදී යන විශාල විදේශ විනිමය ප‍්‍රමාණය අවම කර ගනිමින් දේශීය කෘෂි ආර්ථිකය නංවාලීමට එම මුදල් අයෝජනය කිරීම කෘෂිකර්ම අමාත්‍යාංශයේ අරමුණයි.
මේ යටතේ අර්තාපල්, ලොකු ළූණු, මිරිස් යන බෝග ඉතා සාර්ථකව වගා කිරීමට පියවර ගෙන තිබේ. අර්තාපල් වගාව සඳහා සුදුසු ප‍්‍රදේශ ලෙස නුවරඑළිය හා බදුල්ල දිස්ති‍්‍රක්ක හඳුනාගත්තද පවතින භූ විෂමතාවන් හේතුවෙන් අර්තාපල් වගාවට යොදා ගත හැකි බිම් ප‍්‍රමාණය සීමිතය. ඉඩම් සීමාකාරී සාධකයක් වන නිසා දේශීය අවශ්‍යතාව සඳහා අවශ්‍ය අර්තාපල් ප‍්‍රමාණය සම්පූර්ණයෙන් ම නිපදවීමට නොහැකි බැවින් කොටසක් ආනයනය කිරීමට සිදුවේ. ආනයනික අර්තාපල් ප‍්‍රමාණය අවම කිරීමට අලුත් ප‍්‍රදේශවල අර්තාපල් වගාව කිරීමට අත්හදා බැලීම් කරන අතර උතුරු පළාතේ සහ පුත්තලම දිස්ති‍්‍රක්කයේ නියමු ව්‍යාපෘතිත් මේ වන විට කි‍්‍රයාත්මක කර ඇතැයි එම අමාත්‍යාංශය සඳහන් කරයි.
වර්තමානය වන විට ආනයනික බීජ අර්තාපල් ප‍්‍රමාණය අවම කිරීමේ අරමුණින් බීජ අර්තාපල් නිෂ්පාදනය නුවරඑළිය දිස්ති‍්‍රක්කය තුළ කි‍්‍රයාත්මක වෙමින් පැවතීම කෘෂි ක්ෂේත‍්‍රය ලද දැවැන්ත ජයග‍්‍රහණයකි. ශී‍්‍ර ලංකාවේ ලොකු ළූණු වගාව ආරම්භ කර ඇත්තේ 1980න් පසුවයි. මේ වන විට දේශීය අවශ්‍යතාවෙන් 35% සිට 40% ක ප‍්‍රමාණයක් ලොකු ළූණු නිපදවීම සිදුවන අතර ඒ සඳහා ප‍්‍රමාණවත් ආයෝජනයක් යොමු වී නොතිබීම ද දක්නට ලැබේ. නව ප‍්‍රදේශවල හා පාරම්පරික නොවන ප‍්‍රදේශවල අවාරයේ ලොකු ළූණු වගාව ව්‍යාප්ත කිරීමේ අරමුණින් හම්බන්තොට, මොනරාගල, රත්නපුර, වවුනියාව, ත්‍රීකුණාමලය, මඩකලපුව, මන්නාරම යන දිස්ති‍්‍රක්කවල විශාල ආදර්ශ වගාවන් ආරම්භ කර ඇති අතර එමඟින් සාර්ථක ප‍්‍රතිඵල අත්වී ඇත. මේ වන විට හම්බන්තොට දිස්ති‍්‍රක්කය තුළ ලොකු ළූණු වගාව ඉතා සාර්ථක අස්වැන්නක් ලබාදීම සිදුවෙමින් පවතී.
මිරිස් බෝගය ලංකාවේ ඇති පාරිසරික හා දේශගුණික තත්ත්වය මත ඇති වන රෝග හේතුවෙන් අඩු අස්වැන්නක් ලබා දෙයි. මිරිස් සඳහා පවතින මිලට වියළි මිරිස්වලින් ලැබෙන ආර්ථික වාසිය ඉතා අඩු මට්ටමක පවතින අතර මිරිස් වගාව සඳහා ගොවීන් පෙළඹීම අවම මට්ටමක පවතී. මිරිස් වගාව සඳහා සහතික මිලක් නියම කිරීම සහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ දිරිගැන්වීම මත 2014 වර්ෂයේ විශේෂ මිරිස් ප‍්‍රවර්ධන ව්‍යාපෘතියක් කි‍්‍රයාත්මක කර ගොවීන් මිරිස් වගාව සඳහා යොමු කිරීමට කටයුතු කර ඇත. අනුරාධපුරය, පොලොන්නරුව ප‍්‍රදේශවල මේ වන විට ගොවි ප‍්‍රජාව මිරිස් වගාව කෙරෙහි නැඹුරුකිරීමේ අරමුණින් විශේෂ ව්‍යාපෘති රාශියක් කි‍්‍රයාත්මක කරමින් පවතින බවත් එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.
NDH