අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නුවරඑළිය දිස්ත්‍රික්‍ ලේකම් කාර්යාලයේ ශීල භාවනා වැඩසටහනක්

    මැයි 10, 2014

    වෙසක් පුරපසළොස්වක පොහෝ දිනය නිමිත්තෙන් නුවරඑළිය දිස්ත්‍රික්‍ ලේකම් කාර්යාලය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ශීල භාවනා වැඩසටහන ලබන 13 වන දින එම කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වේ.


    එදින උදෑසන සිට ආරම්භ වන මෙම ශීල භාවනා වැඩසටහන සඳහා මූලිකත්වය ගනු ලබන්නේ නුවරඑළිය දිස්ත්‍රික්‍ ලේකම් කාර්යාලයේ බෞද්ධ සංගමයයි. නුවරඑළිය දිස්ත්‍රික්‍ බෞද්ධ කටයුතු සමායෝජක පූජ්‍ය මාකඳුරේ රතනවංශ හිමියන්ගේ අනුශාසනා පරිදි නුවරඑළිය දිස්ත්‍රික්‍ ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතාගේ උපදෙස් මත මේ වැඩසටහන ක්‍රියාත්මක වේ.


    මීට සමගාමීව එදින සවස්වරුවේ කාව්‍යමය ධර්ම දේශනයක් සහ ධර්ම සාකච්ඡාවක් ද පැවැත්වීමට කටයුතු යොදා ඇත.


    මේ සඳහා නුවරඑළිය දිස්ත්‍රික්‍ ලේකම් කාර්යාලයේ නිලධාරීන් සහභාගීවීමට නියමිතය.

     

    NDH/SH_dmu_nuwaraeliya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya