මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිරි නිකේතාරාමයේ බිහිදොර සහ ද්වාර ප්‍රාකාරය විවෘත කිරීම

    මැයි 07, 2014
    රත්ගම කිරිමැටිය සිරි නිකේතාරාම පුරාණ විහාරයේ බිහිදොර සහ ද්වාර ප්‍රාකාරය විවෘත කිරීම හෙට (08) සිදු කෙරේ.
     
     
    සිරි නිකේතාරාම විහාරාධිපති රත්ගම සුමංගල හිමිපාණන් වහන්සේගේ ආරාධනයෙන් මාතර මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය ඩග්ලස් ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් එදින පෙ.ව. 8.54ට යෙදෙන සුබ මොහොතින් විවෘත කිරීමට නියමිතය.
     
    රුපියල් ලක්ෂ 20ක පමණ වියදමින් ඉදිකළ මෙම බිහිදොර හා ද්වාර ප්‍රාකාරය විහාරයේ දායක දායිකාවන්ගේ දායකත්වයෙන් හා ධන පරිත්‍යාගයෙන් ඉදි කර ඇත.
     
    මෙම විවෘත කිරීමේ උත්සවයට සමගාමීව  මේ මස 08,09,10,11 සහ12 යන දිනවල පිංකම් මාලාවක්  සංවිධානය කර ඇත. මැයි 08 වන දින විවෘත කිරීමේ උත්සවයෙන් අනතුරුව උදේ 9.30 රාජකීය  පණ්ඩිත ශාස්ත්‍රපති දොඩම්පහළ රාහුල නාහිමියන්ගේ සුමදුර ධර්ම දේශනයක් හා 12 වන දින සවස 3.30 ට ශාස්ත්‍රපති පදනංගල ධම්මදේව නාහිමියන්ගේ ධර්ම දේශනයක් ඇතුළුව සෑම දිනයකදීම අටවිසි බුද්ධ පූජාවක් ද පැවැත්වීමට කටයුතු යොදා ඇත.
     
    ECB/RU

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya