මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර දිස්ත‍්‍රික් ළමා සංවර්ධන කමිටු රැස්වීම හෙට

    මැයි 07, 2014

    මාතර දිස්ත‍්‍රික් ළමා සංවර්ධන කමිටු රැස්වීම හෙට (08) පෙ.ව. 9.30ට මාතර දිස්ත‍්‍රික් ලේකම් ඊ.ඒ.සී. විදානගමාච්චි මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයීය ගාමිණී ජයසේකර ශ‍්‍රවණාගාරයේදී පැවැත් වේ. 


    මාතර දිස්ත‍්‍රික්කයේ ලක්‍ෂ තුනකට ආසන්න ළමා ජනගහනයක් ජීවත්වන අතර ඔවුන්ගේ සුරක්‍ෂිතතාව හා අනාගත අභිවෘද්ධිය උදෙසා විවිධ තීන්දු තීරණ ගැනීම මෙහිදී සිදු කෙරේ. 

    ළමා අපචාර, ළමා අපයෝජන, ළමයින්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වය සහ ළමා හිංසනය ආදිය අවම කර ගැනීම සඳහා දිස්ත‍්‍රික්කයක් වශයෙන් ගතහැකි ක‍්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී අවධානය යොමු කරනු ඇත. එපමණක් නොව ළමයින් වෙනුවෙන් ක‍්‍රියාත්මක කරන ළමා සුබසාධන වැඩසටහන් හා ඒවායේ ගුණාත්මකභාවය පිළිබඳව ද සාකච්ඡා කිරීමට නියමිතය. 

    මාතර දිස්ත‍්‍රික්කයේ සියලුම ප‍්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු ළමා සංවර්ධන ක්ෂේත‍්‍රයට සම්බන්ධ සියලුම රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය නොවන සංවිධාන හා පොලිසිය මේ අවස්ථාවට සහභාගිවීමට නියමිතය.   

    NDH/TI-dmu matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya