අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනුරාධපුර දිස්ත්‍රික් ඵලදායිතා නිලධාරින් දැනුවත් කෙරේ

    මැයි 06, 2014

    බුද්ධිමය ඵලදායිතාව ඉහළ නැංවීම වෙනුවෙන් වර්තමානයේ දී  මහත් පරිශ්‍රමයෙන් කටයුතු කළ යුතු බව  අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් මහින්ද සෙනවිරත්න මහතා පවසයි.

     


     දිස්ත්‍රික් ලේකම්වරයා මේ අදහස් පළකළේ ඵලදායිතාව ඉහළ නැංවීම පිළිබඳව සංවර්ධන නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක් වෙමිනි.


    සෑම කෙනෙකු ම කිසියම් වැඩක නිරත විය හැකි අයෙකු බවට පත්කිරීම ඵලදායිතා නිලධාරීන්ගේ වගකීම බව මෙහිදී දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය. ක්ෂේත්‍ර නිලධාරීන් තමාට අදාළ ප්‍රදේශය තුළ ඉලක්ක ගත වැඩපිළිවෙළක් දියත්කිරීම කාලීන අවශ්‍යතාවක් බවද දිස්ත්‍රික් ලේකම්වරයා මෙහිදී පෙන්වා දුන්නේය.


    යමෙකුට යම් කටයුත්තක පවතින වැදගත් කම නිවැරදිව පහදා දීමෙන් නිකරුණේ කල් ගත කරන පිරිස් හරවත් යමකට එකතුකර ගත හැකි හෙයින් ක්ෂේත්‍ර නිලධාරීන් ඒ සඳහා කැපවිය යුතු බව මහින්ද සෙනවිරත්න මහතා එහිදී තවදුරටත් පැවසීය. 

    ECB/SB dmu_ Anuradapura

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya