අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රතිසංස්කරණය කළ අභයගිරි දාගැබ විවෘත කිරීම ජුනි මාසයේ දී

    මැයි 07, 2014

    ලෝකයේ පවතින විශාලතම දාගැබක් වන අභයගිරි ස්ථුපය ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසුව වන්දනා කිරීම සඳහා විවෘත කිරීමට පියවර ගෙන තිබේ.

     


    මෙම උතුම් පුණ්‍ය කටයුත්ත ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ. ජාතික මහෝත්සවයක් වන මෙය පොසොන් උත්සවය ට සමගාමීව එළැඹෙන ජුනි 13 වනදා සිදුකරන බව සංස්කෘතික කටයුතු අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා සඳහන් කරයි.


    මෙම උත්සවය සැලසුම් කිරීම පිළිබඳව සාකච්ඡාවක් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් මහින්ද සෙනවිරත්න මහතා විසින් සංවිධානය කරන ලද අතර, එහිදී  උත්සව කටයුතු  සිදු කිරීම පිළිබඳව දීර්ඝව සාකච්ඡා කෙරිණි.


    පැරණි චෛත්‍යයේ පැවැති කලාත්මක බව සුරැකෙන පරිදි අභයගිරි දාගැබේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකර තිබේ. මෙය ජනතාවගේ වන්දනාව සඳහා විවෘත කරන උත්සවයට විශේෂ පිංකම් රැසක් එක් කරන බව මෙම අවස්ථාවට වැඩම කළ අටමස්ථානාධිපති පුජ්‍ය පල්ලේගම සිරිනිවාස මහ නාහිමිපාණන් සඳහන් කළේය. සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ දායකත්වයෙන් උත්සවයට සමගාමීව විශේෂ බහිරව පුජාවක් ද සිදුකිරීමට නියමිතය.
     
    මෙම සාකච්ඡාවට සංස්කෘතික කටයුතු අමාත්‍ය ටී.බී. ඒකනායක, විශේෂ ව්‍යාපෘති අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන, පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ, පළාත් ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් යන මහත්වරු ඇතුළු මැති ඇමතිවරුන් හා රාජ්‍ය නිලධාරින් විශාල පිරිසක් එක්ව සිටියහ.

    ECB/SB_dmu_anuradhapura

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya