මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජූලි මාසයේ සිට නොරොච්චෝලෙන් මෙගා වොට් 900ක්

    මැයි 07, 2014

    ලබන ජූලි වන විට ජාතික විදුලිබල පද්ධතියට මෙගා වොට් 900ක ධාරිතාවක් නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයෙන් එකතු වන බව විදුලිබල මණ්ඩලයේ සභාපති ඩබ්ලිව්.බී. ගනේගල මහතා පැවසීය.


    එමෙන් ම විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට මීළඟ වැටුප් වැඩිවීම 2015 වසරේ දී සිදුවේ. මහින්ද චින්තන ජාතික ප‍්‍රතිපත්තිය අනුව යමින් මෙරට විදුලි සාක්ෂරතාව 97% දක්වා ඉහළ ගොස් ඇති බව පැවසූ සභාපතිවරයා ඉන්දියාව, බංග්ලාදේශය වැනි රටවල පැය හත, අට විදුලිය කප්පාදු කරද්දී ශ්‍රී ලංකාවේ පැය 24 පුරාම අඛණ්ඩව විදුලිය සපයන බව සඳහන් කළේය.

     

    නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ පළමු අදියරේ අකී‍්‍රය වූ විදුලිජනක යන්ත‍්‍ර චීනයේ සහය ඇතිව යථා තත්වයට පත් කර එයින් මෙගා වොට් 300ක ධාරිතාවක් සැපයේ. දෙවන අදියර ද පසුගියදා සාර්ථක කරමින් තවත් මෙගා වොට් 300ක් ජාතික විදුලි පද්ධතියට එක් කර තිබේ.

     

    සම්පූර්ණ විදුලි අවශ්‍යතාව මෙගාවොට් 2000ක් පමණ වන අතර එයින් විශාල කොටසක් ඒ තුළින් එක් කළබහැකිව තිබෙන බව ද ඔහු සඳහන් කළේය.

    විදුලිබිල වැඩි නොකර සහනය ලබාදෙමින් සේවක සුබසාධනය හා ඔවුන්ගේ වැටුප් විෂමතාවන්ට විසඳුම් ලබාදෙමින් ආසියාවේ හොඳම විදුලි සැපයුම් ලබාදෙන රට බවට මහින්ද චින්තන ජාතික ප‍්‍රතිපත්තියට අනුව යමින් කටයුතු කරන බවද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya