අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනුරාධපුරයට ජාත්‍යන්තර මට්ටමේ රංගශාලාවක්

    මැයි 06, 2014

    දැයට කිරුළ වැඩසටහන යටතේ ඉදිකිරීමට යෝජනා වු අනුරාධපුර රංගශාලාවේ වැඩකටයුතු ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.

     

     
    ඒ පිළිබඳ මුලික සාකච්ඡාවක් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී  පසුගියදා පැවැත්විණි. මුල් අදියර ය‍ටතේ මෙය ඉදිකිරීමට වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 1500කි. සියලු පහසුකම් සහිත අංග සම්පුර්ණ රංග ශාලාවක් හැටියට මෙය ඉදිකරන බව සංස්කෘතික කටයුතු අමාත්‍ය ටි.බී. ඒකනායක මහතා එහිදී සඳහන් කළේය.
     

    නගර රැසක් ආවරණය කළ හැකි නගරයක් වශයෙන් අනුරාධපුර නගරය පවතින නිසා ජාත්‍යන්තර මට්ටමේ රංගශාලාවක්  අනුරාධපුරයේ ඉදිවීම ඉතා වැදගත් බව මෙම අවස්ථාවට සහභාගී වු පළාත් අණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ මහතා සඳහන් කළේය.


    රංග ශාලාව ඉදිකිරීම සඳහා අක්කර තුනක භුමි භාගයක් අනුරාධපුර නගර ආසන්නයෙන් මල්වතු ඔය ආශ්‍රිතව සපයාගෙන තිබේ. ලබන ජුනි මාසයේ දීම ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට කටයුතු කරනු ඇත.
     

    ECB/SB_dmu_anuradhapura

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya