අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුරුණෑගල දහම් පාසල් ගුරුවරුන් වෙත සාමදාන විනිශ්චකාර පදවි පිරිනැමේ

    මැයි 06, 2014

    පාසල් අධ්‍යපනයට අමතරව දහම් පාසල් අධ්‍යපනය ලැබීමෙන් පරිපූර්ණ මිනිසෙකු බිහි කළ හැකි බව බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍ය එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන මහතා පැවසීය.

     

     


    ඒ මහතා මෙම අදහස් පැවසුවේ පසුගියදා කුරුණෑගල නගර ශාලාවේ පැවති දහම් පාසල් ගුරුවරුන් සඳහා සාමදාන විනිශ්චකාර පදවි ලබාදීමේ උත්සවයට එක් වෙමිනි.
     

    තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා පැවසුවේ හොරකම්, ස්ත්‍රී දූෂණ මිනී මැරුම් වැනි අපරාධ කරන අපරාධකාරයන් ගැන සොයා බැලූ විට පෙනී යන්නේ ඔවුන් දහම් පාසල් අධ්‍යපනය නොලබපු අය බවයි. දහම් පාසලක අධ්‍යාපනය ලැබූ පුද්ගලයා ලැජ්ජා භයවලින් යුක්ත යහපත් ගුණ ගරුක අයයි. මේ අය අතින් සමාජයට සිදු වන්නේ යහපතක් මිස අයහපතක් නොවේ. එම නිසා යහපත් ගුණ ගරුක සමාජයක් බිහි කිරීම සඳහා සෑම දරුවෙක්ම දහම් පාසල් අධ්‍යාපනයට යොමු කළ යුතුයි.

    සමස්ත ලංකා දහම් පාසල් දිනය සමරමින් පාසල් ගුරුවරයෙකු ලෙස වසර 30ක සේවා කාලයක් ඇති දහම් පාසල් ගුරුවරුන් වෙත සාමදාන විනිශ්චකාර පදවි ලබාදීම ඉතාම සුදුසු ක්‍රියාවක් වේ. ගුණ ගරුක දරු පිරිසක් බිහි කිරීම සඳහා කැප වී කටයුතු කරන දහම් පාසල් ගුරුවරුන් හට සාමදාන විනිශ්චකාර පදවි ලබා දීමෙන් ඔවුන්ගේ සේවාව ඇගයීමකට ලක් වෙනවා. ඉදිරියේදී මෙම වසර 30ක සේවා කාලය අඩුකර දහම් පාසල් ගුරුවරුන් වෙත සාමදාන විනිශ්චකාර පදවි ලබාදීමට කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ද ඒ මහතා පැවසීය.

    මෙම අවස්ථාවට කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක වැලමිටියාවේ කුසලධම්ම ස්වාමීන් වහන්සේ, වයඹ ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර, කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී. හිටිසේකර යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.


    ECB/AK_dmu Kurunegala

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya