එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජ්‍ය මහලේකම් සහ ආසියා පැසිෆික් කලාපයේ ආර්ථික හා සමාජ කොමිසමේ (ESCAP) විධායක ලේකම් අර්මිදා සල්සියා අලිස්ජබානා මහත්මිය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය,ශෙහාන් සේමසිංහ මහතා අතර හමුවක් පැවැත්විණි.
රටේ අනාගතය වන් පාසල් දූ දරුවන්ගේ මානසික නිරෝගී සුවය ගොඩනැගීම උදෙසා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කර තිබෙන සුවධරණී - සුරුදරුවෝ මානසික සතිමත්භාවය ගොඩනැගීමේ වැඩසටහනක් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් කැලණිය ගුරුකුල මහා විද්‍යාලයේදී ඊයේ (02) දින පැවැත්විණ.
රුපියල් කෝටියක වියදමින් සංවර්ධනය කළ පෑලියගොඩ ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකය ජනතා අයිතියට පත් කිරීම කැලණිය සම්බන්ධීකරණ කමිටු සභාපති, දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) දින සිදු කෙරිණ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් හට පැවරි ඇති විෂය පථය සහ කාර්යභාරය පිළිබද කරුණු විමසා බැලීමේ විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය හා කාර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විනි.