පෑලියගොඩ ප්‍රදේශයේ ජනතාවගේ නිරෝගී සුවය උදෙසා ක්‍රියාත්මක මෙම පෑලියගොඩ ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකය රෝගී සත්කාර සේවාවන් සඳහා ප්‍රමාණවත් පහසුකම් නොමැති බැවින් එම ප්‍රදේශයේ ජනතාව පීඩාවට පත්වී ඇති බව අමාත්‍යතුමන්ට ලද තොරතුරකට අනුව, නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාගේ විශේෂ මැදිහත්වීම මත රුපියල් ලක්ෂ 50 ක බස්නාහිර පළාත් ප්‍රතිපාදන සහ පෑලියගොඩ නගර සභා ප්‍රතිපාදන මත මෙම පෑලියගොඩ ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකයේ පහසුකම් සංවර්ධනයට පියවර ගෙන ඇත.
එමෙන්ම UNICEF සංවිධානයේ රුපියල් ලක්ෂ 40 ක ප්‍රතිපාදන මත අනෙකුත් සියළු අංගයන් සම්පූර්ණ කිරීමට මේ වන විටත් අවශ්‍ය කටයුතු සිදු කර ඇත.
ඒ අනුව මාතෘ හා ළමා සායන මධ්‍යස්ථාන, ඖෂධ ගබඩාව, ඖෂධ නිකුත් කිරීමේ ස්ථානය, වැඩිහිටි සායන මධ්‍යස්ථානය ඇතුළු සියළු අංශ සංවර්ධනය කර තිබෙන අතර එමගින් පෑලියගොඩ, තොටළඟ, නෙල්ලියවත්ත ආදී ප්‍රදේශ රැසක ජනතාවට සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීමේ හැකියාව උදා වී ඇත.
එම අවස්ථාවට පෑලියගොඩ නාගරික ලේකම් තරංගා ගම්ලත්, පෑලියගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජයසංඛ රත්නායක යන මහත්ම මහත්මීන් ඇතුළු වෛද්‍යවරුන්, ප්‍රදේශවාසීන් පිරිසක් සහභාගී වී සිටියහ.