මෙවර මහ කන්නයේ අක්කර 40,000ක බඩඉරිඟු වගා කිරීමට අවශ්‍ය සියලු පොහොර නොමිලේ ලබා දීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශය පවසයි.
විදේශගත ශ්‍රමිකයින් පසුගිය ඔක්තෝම්බර් මාසයේදී ඩොලර් මිලියන 517.4 ක මුදලක් මෙරටට එවා ඇති අතර කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අමාත්‍යධුරයේ වැඩ භාරගත් පසුගිය මැයි මාසයේ සිට මේ දක්වා කාලයේ දී විදේශ ප්‍රේෂණ වශයෙන් ඩොලර් බිලියන 7.6 ක මුදලක් ලැබී තිබෙන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය පවසයි
පණ ඇඳපු ආර්ථිකයට හුස්ම දුන්න විදේශගත ශ්‍රමික ප්‍රජාවට ස්තූතියි!
ඉහළම මූල්‍ය කළමනාකරණ නීති අනුගමනය කරමින් මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙවර අයවැය ඉදිරිපත් කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.