විශ්‍රාම වැටුපක් සියලු දෙනාට ම ලැබෙන වැඩපිළිවෙලක් සකස් කිරීම අවශ්‍යයි. නැති දේවල් කියලා බිල්ලෝ මවන්න එපා යැයි විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.
අපි ඒක සොයා බලන්නම් - සභානායක
මාධ්‍යවේදීන්ට රැවුල, කොන්ඩේ කපන්න වෙන්නෙත් නෑ, පිටරට යන්න වෙන්නෙත් නෑ, බය වෙන්නත් එපා, බොරු බියක් ඇති
කරන්නත් එපා යැයි ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක,පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අද (10) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
පෞද්ගලික අංශයේ අවම සේවක වැටුප රුපියල් 10,000 දක්වා වැඩි කිරීමට මේ වන විට අවශ්‍ය කැබිනට් අනුමැතිය අරගෙන තිබෙනවා.ලබන වසරේ ජනවාරි සිට එය ක්‍රියාත්මක කිරීමට රජය අපේක්ෂා කරනවා යැයි කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මහතා පවසයි.
ඖෂධ මාෆියාවක් තිබෙනවා. මේ මාෆියාවට, මුහුණ දීමට මම ලෑස්තියි .පෞද්ගලික වෛද්‍ය සේවය කළමනාකරණය කළ යුතු යැයි සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනරත්න මහතා පවසයි.