ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් නව ආදර්ශ කෘෂි බෝග හා ඔසු උයනක් පිහිටවීම අම්පාරේ දී ආරම්භ විය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අනුමත කරන ලද ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය ඉතා ඉක්මනින් මෙරට නීතියක් බවට පත්කිරීමට රජය පියවර ගන්නා බව සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවසීය.
''සේවකයන්ගේ ජාතික අවම වේතනය පනත් කෙටුම්පත'' සහ ''සේවකයන්ගේ අයවැය සහන දීමනා පනත් කෙටුම්පත'' පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු අද (11) විවාදයට ගැනිණි.
පළාත් පාලන ආයතන සඳහා මැතිවරණ නොපැවැත්වීමට හෝ මැතිවරණ කල්දැමීමට කිසිඳු උවමනාවක් රජයට නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.