අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අබාධ සහිතවූවන්ගේ අයිතිවාසිකම් ඉතා ඉක්මනින් නීතිගත කරනවා - සුභසාධන අමාත්‍ය

    මාර්තු 13, 2016

    එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අනුමත කරන ලද ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් පිළිබඳ ප්‍ර‍ඥප්තිය ඉතා ඉක්මනින් මෙරට නීතියක් බවට පත්කිරීමට රජය පියවර ගන්නා බව සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවසීය.

     

    ඇමතිවරයා එසේ පැවසුවේ   අමාත්‍යාංශ ශ්‍ර‍වණාගාරයේදී පැවැත් වූ මාධ්‍ය හමුවකදී ය.

     

    ආබාධ සහිත තැනැත්තන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අනුමත කර ඇති ප්‍ර‍ඥප්තියට ශ්‍රීලංකාව අස්සන් තබා වසර 08 කට පසු එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ශ්‍රී ලංකාව අපරානුමත කිරීම (පිළිගැනීම ) පිළිබඳ මෙම මාධ්‍ය හමුව පැවැත් වූ අතර , එහිදී ඇමතිවරයා සඳහන් කළේ, ආබාධ සහිත වුවන් තම අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා සටන්කාමි බවක් පෙන්වීම පිළිබඳව තමන් ඉතා සතුටු වන බවයි.

     

    මාධ්‍ය හමුවේදී ඇමතිවරයා මෙසේද ප්‍රකාශ කළේය.

     

    “මේ සම්මුතියට ශ්‍රී ලංකාව එකතු වීමෙන් ආබාධ සහිත තැනැත්තන් හට සමාන්‍ය අයට මෙන් ජීවත්වීමට අවශ්‍ය සෑම පහසුකමක් සැළසීමට  රජය බැඳී සිටිනවා. මෙය තවම මෙරට නීතියක් හැටියට සම්මත වෙලා නැති නිසා අපේ රජය ඉතා ඉක්මනින් මේ පනත කෙටුම්පත් කර පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට යොමුකරන්න ලෑස්තියි.

     

    2008 වසරේදී හිටපු ඇමති ඩග්ලස් දේවානන්ද මහතා තමයි මෙයට අස්සන් කළේ. ඒත් සපුගිය අට වසර තිස්සේ එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙය පිළිගෙන තිබුනේ නැහැ.

     

    1988 දී හිටපු ප්‍රේමදාස ජනාධිපතිතුමා ආබාධ සහිත වුවන්ට රජයේ රැකියා 3% ක් වෙන් කරන්න විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කළා. 2012 සංගනණයට අනුව 16 ලක්ෂයකට අධික ආබාධ සහිත වුවන් පිරිසක් ලංකාවේ ඉන්නවා. තවත් ලක්ෂ 02 ක් පමන සංගණනයට තොරතුරු දී නැහැ. ආබාධ සහිත වුවන් වෙනුවෙන් පවතින වැඩිහිටි මධ්‍යස්ථාන හා වෙනත් ආයතන වල තත්වය යහපත් නැහැ. මේ අය බලා ගන්නා උපස්ථායකයන්ගේ වැටුප් ඉතා අවමයි.

     

    ආබාධ සහිතවුවන් තමන්ට අනුකම්පාව දක්වන එකට කැමති නැහැ. ඔවුන් බලා පොරොත්තු වන්නේ සමාන ලෙස සැළකීමයි. ඔවුන් තම අයිතිවාසිකම් දිනාගැනීම පිළිබඳ සටන්කාමි බවක් දක්වනවා.මා ඒකට ඉතා සතුටුයි.

     

    ආබාධ සහිතවුවන්ගේ පහසුකම් දියුණු කරන්න පසුගිය වසරවල අයවැයෙන් බොහොම බොහොම සුළු මුදලකුයි වෙන් කලේ.මේ අයගේ අධ්‍යාපනය , සෞඛ්‍ය , ප්‍ර‍වාහන,පහසුකම් දියුණු කරන්න බොහෝ වැඩ කටයුතු කළ යුතුයි. මේ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම අත්‍යවශ්‍යයි.මේ අයගේ පහසුකම් දියුණුකරන්න අප පෞද්ගලික අංශය හා එක්ව කටයුතු කරනවා”.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya