අයදුම්පත් කැඳවීම් අන්තර්ජාලය ඔස්සේ
කැලණිය ප්‍රදේශයේ රැකියා විරහිත තරුණ තරුණියන්ගේ රැකියා සිහිනය මල්ඵල ගැන්වීම උදෙසා කැලණිය සම්බන්ධීකරණ කමිටු සභාපති, රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතාගේ මග පෙන්වීම යටතේ කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, විදේශ රැකියා හා මානව සම්පත් අංශය හා විදේශ රැකියා සහ වෘත්තීය මාර්ගෝපදේශන පොළක් රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් කැලණිය සංස්කෘතික මධ්‍යස්ථානයේදී (06) පැවැත්විණ.
තංගල්ල, මොරටුව හා රණ්පොකුණුගම ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක සපිරි මහල් නිවාස ව්‍යාපෘතියේ වැඩ කටයුතු මෙම වසර ඇතුළදී අවසන් කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ජාතික නිවාස සංවර්ධන අධිකාරියට උපදෙස් දුන්නේය.
විදේශ අධ්‍යාපන ආයතනයක මුවාවෙන් ව්‍යාජ විදේශ රැකියා නියෝජිත ආයතනයක් පවත්වාගෙන ගිය අඹු සැමි යුවළක් හා තවත් පුද්ගලයෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබේ.