ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ආසියානු කුසලාන සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටය ආවරණය කරනු ලබන දෙස් විදෙස් මාධ්‍ය වේදීන් හට තරග ආවරණය කිරීමට මාධ්‍ය කුටියට පැමිණීමේදී විශේෂ ක්‍රමවේදයක් ස්ථාපනය කිරීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටිනවා.
පුරප්පාඩුව පවතින ග්‍රාම සේවා නිළධාරී තනතුරු 4000කට ආසන්න ප්‍රමාණය සඳහා නව බඳවා ගැනීම් කඩිනමින් සිදුකිරීමට පියවර ගෙන ඇති බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පැවසීය.