ආයුර්වේද සංස්ථාව සාම්ප්‍රදායික ඖෂධ වලින් බැහැර වෙලා අද අලුත් නිෂ්පාදන වලට යොමු වෙමින් පවතින බවද පෙර ලබාදුන් ගුලි කල්ක චූර්ණ වෙනුවට දැන් සංස්ථාව මැදිහත්වී ටැබ්ලට් නිර්මාණය කර ඇතැයිද දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතා පවසයි.
දැනුවත්ව සිදුවන විෂවීම් වන සියදිවි නසාගැනීම ආදිය අපට පාලනය කරගැනීමේ ගැටලුවක් පැවතියද, නොදැනුවත්ව සිදුවන විෂවීම් 100%ක් අපට වළක්වාගත හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මහතා පවසයි.
එක්පස් පර්ල් සිව්වන අදියරේ වන්දි කරවල කර්මාන්තයේ නියුතු ධීවරයන්ටත් අනෙකුත් ධීවර ආශ්‍රිත රැකියාවල නියුක්ත පුද්ගලයන්ට ලබාදිමට පියවර ගන්නවා ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා පවසයි.
මේ දින වල පවතින වර්ෂාවත් සමග මැසි මදුරුවන්ගේ වර්ධනයක් පවතින බැවින් පාචනය, අතීසාරය උණ සන්නිපාතය යන රෝග වල වැඩිවීමක් පවතින බවද මේ නිසා දරුවන්ට පිරිසිදු ආහාර සහ ජලය ලබාදෙන මෙන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.