ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියුබාවේ සහ ඇමෙරිකාවේ නිල සංචාරයක් සඳහා ( 13) අළුයම දිවයිනෙන් පිටත්ව ගිය අතර ජනාධිපතිවරයා දිවයිනෙන් බැහැරව සිටින කාල සීමාව තුළ එතුමා යටතේ පවතින අමාත්‍යාංශවල වගකීම් ආදළ රාජ්‍ය අමාත්‍යවරුන්ට පවරා තිබේ.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හා සම්බන්ධ විවිධ වංචා දූෂණ අක්‍රමිකතා පිළිබඳ නැගෙන චෝදනා සියල්ලට පිළිතුරු වශයෙන් සෑම ක්‍රියාවලියක්ම ඩිජිටල්කරණයට ලක්කරමින් ඊ මෝටරින් ව්‍යාපෘතියද මෙම වර්ෂය නිමවීමට ප්‍රථම නිම කිරීමට බලාපොරොත්තු වන බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
සිසු හෙද පුහුණු පාඨමාලාවට 3500 දෙනෙකු බඳවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු සූදානම් කර ඇත.
රැකියා සඳහා විදේශ ගතවූ අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි විගමණික ශ්‍රමිකයින්ට හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට අවශ්‍ය සහාය හා නීති උපදෙස් ලබාදීම සඳහා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් දැනුවත් කිරීමේ වැඩසටහනක් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී (12 දින) පැවැත්විණි.