අමාත්‍යවරයා මේ බව පැවසුවේ, (12) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
ඊ මෝටරින් ව්‍යාපෘතිය වෙනුවෙන් ගොඩනැගිල්ලක් කුලියට ගැනීමට තිබුණු බවද මේ වන විට රජයේ තක්සේරුකරුවන් ලවා තක්සේරු කරවමින් හුණුපිටිය ගංගාරාමය අවට ප්‍රදේශය තුළ ස්ථානය පිළිබඳ අවසන් තීරණයක් ලැබී ඇතැයිද ඒ අනූව ඊ මෝටරින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා කාර්යාල සැකැස්ම නිම කර මේ වර්ෂයේ කලින් සඳහන් කළ දිනයටම සිදුකිරීමට නොහැකි වුවද මෙම වසර නිමවීමට ප්‍රථම නිමකිරීමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.