නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නොදැනුවත්ව සිදුවන විෂවීම් 100%ක් අපිට වළක්වාගත හැකියි  - විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග

    සැප්තැම්බර් 14, 2023

    දැනුවත්ව සිදුවන විෂවීම් වන සියදිවි නසාගැනීම ආදිය අපට පාලනය කරගැනීමේ ගැටලුවක් පැවතියද, නොදැනුවත්ව සිදුවන විෂවීම් 100%ක් අපට වළක්වාගත හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මහතා පවසයි.

    ඔහු මේ බව පැවසුවේ, පසුගියදා (06) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේදී අනපේක්ෂිත විෂවීම් වළක්වාගනිමු යන මැයෙන් පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දක්වමිනි.

    මේ හා සම්බන්ධයෙන් දැනුවත්ව කටයුතු කිරීමේ වැදගත්කම පෙන්වාදුන් විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මහතා ඉදිරියේදී විෂවීම් වැළැක්වීම සම්බන්ධයෙන් කෙබඳු ආකාරයකට ක්‍රියා කළ යුතුදැයි පැහැදිලි ක‍ළේය.

    ජාතික විෂ නිවාරණ සතිය සැප්තැම්බර් 11 සිට 17 වනදා දක්වා නම්කර ඇතැයිද සෞඛ්‍ය අමාත්‍යංශයේ ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානය සෑම වසරකම සෞඛ්‍ය අමාත්‍යංශය සමග එක්ව විෂ නිවාරණ සතිය ප්‍රකාශයට පත්කරන අතර මෙවර එම සතියේ පාදක කරගැනෙනුයේ නොදැනුවත්වම සිදුවන විෂවීම් සම්බන්ධව බවද අවධාරණය කළේය.

    ක්ෂණිකව සිදුවන විෂවීම් මෙන්ම දීර්ඝකාලීනව සිදුවන විෂවීම් සම්බන්ධයෙන් ක්‍රියාකිරීමේ වැදගත්කම පෙන්වාදුන් වෛද්‍ය සමිත සිරිතුංග මහතා, මෙම දෙඅංශය සම්බන්ධයෙන්ම දැනට සෞඛ්‍ය අමාත්‍යංශය අනෙක් පාර්ශවයන් සමග එකට එක්වී යම් වැඩසටහනක් සකස් කරගෙන යන බවද පැවසුවේය.

    එය ඉක්මණින් අවසන් කරගැනීමට හැකි වෙතැයිද එහිදී ආමන්ත්‍රණය කළ යුත්තේ කාටද? කොයි විදියට ආමන්ත්‍රණය කළ යුතුද කුමන කරුණු කුමන ආකාරයට කතා කළ යුතුද ආදී සමස්ථය සම්බන්ධයෙන් අවදානයට ලක්කරන බවද සඳහන් කළේය.

    නිවස කොයි ආකාරයෙන් විෂ වලින් තොර පරිසරයක් බවට පත්කරගත යුතුද? නිවසක ඇතුල්වන තැන සිට පිටවන තැන දක්වාම විෂවිය හැකි ද්‍රව්‍ය පවතින බවද ඒවා ආරක්ෂාකාරීව පරිහරණය කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳ නිසි අවබෝධයකින් දැනුවත්භාවයකින් කටයුතු කිරීම වැදගත් බවද පෙන්වා දුන්නේය.

    දැනට සෞඛ්‍ය අමාත්‍යංශය සතුව පවතින දත්ත අනූව 50%කට එහා විෂවීම් සිදුවන්නේ ගෘහාශ්‍රිතව බවදඑලෙස ගෘහාශ්‍රිතව සිදුවන අනපේක්ෂිත විෂවීම් වළක්වාගැනීමේ හැකියාවක් පැවතියහොත් 50%ක්ම විෂවීම් අවම කරගත හැකි බව පැවසුවේය.

    දළ වශයෙන් වසරකට විෂවීම් 80,000 – 100,000 පමණ වාර්තා වෙතැයිද, ගෘහාශ්‍රිතව සිදුවන විෂවීම් වළක්වාගත හොත් අපට ඉහත විෂවීම් වලින් 40,000 – 50,000ක් පමණ වළක්වාගත හැකි යැයිද වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya