නොවැම්බර් 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කැලණියේ තරුණ තරුණියන්ගේ රැකියා සිහිනය මල්ඵල ගැන්වීමට රැකියා පොළක්

    සැප්තැම්බර් 10, 2023

    කැලණිය ප්‍රදේශයේ රැකියා විරහිත තරුණ තරුණියන්ගේ රැකියා සිහිනය මල්ඵල ගැන්වීම උදෙසා කැලණිය සම්බන්ධීකරණ කමිටු සභාපති, රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතාගේ මග පෙන්වීම යටතේ කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, විදේශ රැකියා හා මානව සම්පත් අංශය හා  විදේශ රැකියා සහ වෘත්තීය මාර්ගෝපදේශන පොළක් රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් කැලණිය සංස්කෘතික මධ්‍යස්ථානයේදී  (06) පැවැත්විණ.

    දේශීය හා විදේශීය රැකියා අවස්ථා ඉලක්ක කර ගනිමින් විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් තරුණ තරුණියන් රැකියා සඳහා යොමු කරවීම උදෙසා මෙම රැකියා පොළ සංවිධානය කර තිබූ අතර එහිදී ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක සේවා අංශයන්හී රැකියා අවස්ථා, පෞද්ගලික ව්‍යාපාර, කර්මාන්ත ඇතුළු සේවා සපයන ආයතනයන්හී, විදේශ රැකියා නියෝජිත ආයතනයන්හී රැකියා අවස්ථාවන්  විශාල සංඛ්‍යාවක් සඳහා තරුණ තරුණයන් තෝරා ගැනීම සිදු විය.

    එමෙන්ම මෙම රැකියා පොළ තුළදී වෘත්තීය පුහුණුව වෙත තරුණ තරුණියන් යොමු කර සහ ඉන් අනතුරුව රැකියා අවස්ථා යොමු කරවීමේ වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක විය.

    මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මැතිතුමන්, කැලණිය ප්‍රාදේශීය ලේකම් නදීශානී අමරසිංහ, රාජ්‍ය නිලධාරීන්, දේශීය විදේශීය ආයතනයන්හී නිලධාරීන්, තරුණ තරුණියන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya