මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුංචි බොරැල්ල අග්‍රඵල බෝධිරාජ ප්‍රාකාරය හා රන්වැට විවෘත කිරීම ජනපති ප්‍රධානත්වයෙන්

    මැයි 05, 2014

    පුංචි බොරැල්ලේ අග්‍රඵල බෝධීන් වහන්සේ වටා ඉදිකළ බෝධිරාජ ප්‍රාකාරය සහ රන්වැට පසුගියදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.


    ජාතියේ මුදුන් මල්කඩ ලෙස වැජඹෙන ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාවක් වන පුංචි බෝරැල්ලේ බෝධීන් වහන්සේ ශත වර්ෂයකට අධික කාලයකට හිමිකම් කියයි.


    රටේ සිව්දෙසින් පුංචි බොරැල්ලට පැමිණෙන ජනතාවගේ නිරන්තර වන්දනාමානයට පාත්‍රවන මේ බෝධීන් වහන්සේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතාගේ දායකත්වයෙන් අලංකාර අයුරින් නැවතත් ප්‍රතිෂ්ඨාපනය කර ඇත.


    බෝධීන් වහන්සේ වටා ඉදිකළ අභිනව ප්‍රාකාරය සහ රන්වැට ජනාධිපතිතුමා අතින් විවෘත කිරීමට පෙර එහි මල් පූජාවක් ද සිදු කළේය.


    පු‍ණ්‍යෝත්සවයට වැඩම කර සිටි අමරපුර සද්ධම්ම යුක්තික මහා නිකායේ මාතර පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය නාකුළුගමුවේ ප්‍රේමතිලක හිමිපාණන් වහන්සේ වෙත අටපිරිකර පූජා කළ ජනාධිපතිතුමා උන්වහන්සේගේ සුවදුක් විමසීය.


    කොල්ලුපිටිය වාලුකාරාමය ඇතුළු පංච මහා විහාරාධිපති කොළඹ දිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මහරගම නන්ද ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මේ අවස්ථාවට වැඩම කර සිටියහ.


    ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, අමාත්‍ය පාඨලී චම්පික රණවක, නියෝජ්‍ය අමාත්‍ය එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල යන මහත්වරු මීට එක්ව සිටියහ.

     

    NDH/pmu-pix by Nissanka de Silva

     

    02

     

    04

     

    05

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya