අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රණ විරු මාසය ප්‍රකාශයට පත් කෙරේ

    මැයි 02, 2014
    රණ විරු සැමරුම් මාසය ප්‍රකාශයට පත් කිරීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (02) පෙරවරුවේ දී අරලියගහ මන්දිරයේ දී සිදු කෙරිණි.
     
    ප්‍රථම රණ විරු කොඩිය ජනාධිපතිතුමා වෙත පැළඳවීමෙන් අනතුරුව මෙසේ රණ විරු සැමරුම් මාසය ප්‍රකාශයට පත් කෙරුණු අතර එය ලබන ජූනි 02 දක්වා ක්‍රියාත්මක වේ. මෙම කාලය තුළ සැමරුම් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශය හා රණ විරු සේවා අධිකාරිය සැලසුම් කොට ඇත.
     
    2007 වසරේ මන්නාරමේ දී ත්‍රස්තවාදී වෙඩි පහරින් මිය ගිය ශ්‍රී ලංකා යුධ හමුදාවේ දෙවන කොමාන්ඩෝ රෙජිමේන්තුවේ කෝප්‍රල් කේ.ජී. නුවන් තරංග මහතාගේ දියණිය වන කේ.ජී. සෙනංගා නුවන්ති දියණිය විසින් ජනාධිපතිතුමා වෙත ප්‍රථම රණ විරු කොඩිය පැළඳවීමෙන් අනතුරුව රණ විරු ඥාතීන් වෙනුවෙන් ජනාධිපතිතුමා සිදුකරන සේවය උදෙසා එතුමා වෙත උපහාර තිළිණයක් ද පිළිගැන්වීය.
     
    පසුගිය 2013 වසරේ රණ විරු කොඩි අලෙවියෙන් ලද ආදායම මෙහිදී පළාත් ආණ්ඩුකාරවරුන් විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූ අතර එම මුදල් රණ විරු පවුල්වල සුබසාධන කටයුතු සඳහා යොදා ගැනීම වෙනුවෙන් රණ විරු සේවා අධිකාරිය වෙත ප්‍රදානය කිරීමද සිදු විය.
     
    පළාත් තුළ අලෙවිය සඳහා 2014 වසරේ රණ විරු කොඩි ජනාධිපතිතුමා අතින් සංකේතාත්මකව ආණ්ඩුකාරවරුන් වෙත ලබා දෙන ලදී.
     
    රණ විරු මාසය ආරම්භ කරමින් මූලික ව්‍යාපෘතියක් වශයෙන් මෙම වසරේ උසස් අධ්‍යාපනය සඳහා සරසවි වරම් ලැබූ රණ විරු දරුවන් වෙත ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමද  ජනාධිපතිතුමා අතින් සිදුවිය. 
     
    පළාත් නවය නියෝජනය කරමින් ආණ්ඩුකාරවරුන්, රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ජගත් ජයසූරිය, යුධ හමුදාපති ලුතිතන් ජනරාල් දයා රත්නායක, ගුවන් හමුදාපති එයාර් වයිස් මාර්ෂල් කෝලිත ගුණතිලක, පොලිස්පති එන්.කේ. ඉලංගකෝන්, රණ විරු සේවා අධිකාරියේ සභාපතිනි පද්මා වෑත්තෑව මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    DB
     
    HE RANAWIRU MON 1
     
    HE RANAWIRU MON 2
     
    HE RANAWIRU MON 3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya