මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති ටී.බී. ඉලංගරත්න පිළිරුවට පුෂ්පෝපහාර දක්වයි

    මැයි 01, 2014

    කෘතහස්ත දේශපාලඥයකු, සාහිත්‍යධරයකු, ගත්කතුවරයෙකු වෘත්තීය සමිති නායකයෙකු ලෙස ජනතා ගෞරවාදරයට පාත්‍ර වූ අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය ටී.බී. ඉලංගරත්න මහතා වැඩකරන ජනතාව වෙනුවෙන් සිදුකළ මෙහෙය සිහිපත් කරමින් ඒ මහතාගේ ප්‍රතිමාවට පුෂ්පෝපහාර දැක්වීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (01) පෙරවරුවේ සිදු කෙරිණි.

    කොළඹ බේරේ වැව පරිශ්‍රයේ පිහිටි ඒ පිළිරුවට මල් කළඹක් තැන්පත් කරමින් ජනාධිපතිතුමා උපහාර දැක්වීය.

     

    මහනුවර, ගලගෙදර, හේවාහැට සහ කොලොන්නාව ආසන නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ ඉලංගරත්න මහතා 1956 සිට1977 දක්වා කාලය තුළ කම්කරු, නිවාස, සමාජසේවා, මුදල්, වාණිජ, වෙළෙඳ හා වරාය යන කැබිනට් අමාත්‍ය ධූරයන්හි කටයුතු කර තිබේ.

     

    වැඩකරන ජනතාව වෙනුවෙන් අමිල මෙහෙවරක් සිදුකළ ඉලංගරත්න මහතා මැයි දිනය නිවාඩු දිනයක් ලෙස නම් කළේය. එමෙන් ම  කම්කරු විනිශ්චය සභාව, වැටුප් හා මිල කොමිසම සහ සේවක අර්ථසාධක අරමුදල බිහිකිරීමට ද එතුමා පුරෝගාමී විය.

     

    පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමේ අවස්ථාවට කම්කරු අමාත්‍ය ගාමිණි ලොකුගේ ඇමතිවරයා සහ ඉලංගරත්න මහතාගේ පවුලේ ඥාතීහු ද එක් ව සිටියහ.


    HC/Pix by: Sudath Silva

    President pays floral tributes to T.B.Ilangarathne 3

    President pays floral tributes to T.B.Ilangarathne

    President pays floral tributes to T.B.Ilangarathne 1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya