අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මිතුදම් තර කර ගැනීමට ජනපති හා බහරේන් අගමැති අතර සාකච්ඡා

    අප්‍රේල් 29, 2014

    රාජ්‍ය චාරිකාවක් සඳහා බහරේන් රාජධානිය වෙත ගොස් සිටින ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා සහ බහරේන් අග‍්‍රාමාත්‍ය ඛලීෆා බින් සල්මාන් බින් හමාඩ් අල් ඛලීෆා (H.R.H.  Prince Khalifa bin  Salman bin Hamad  Al Khalifa) කුමරු දෙරට අතර මිත‍්‍ර සබඳතා වර්ධනය කර ගැනීම පිළිබඳව අද (29) දහවල් රිට්ස් - කාල්ටන් හෝටලයේ දී සාකච්ඡා කළහ.

    අනතුරුව බහරේන් අග‍්‍රාමාත්‍යතුමා ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමා වෙනුවෙන් දිවා භෝජන සංග‍්‍රහයක් පැවැත්වීය.

    මෑතක දී දෙරට අතර සිදු වූ ඉහළ පෙළේ චාරිකා නිසා ද්විපාර්ශවික සබඳතාවන්හි ශීඝ‍්‍ර ප‍්‍රගතියක් ඇති විය. මීට වසර 05කට පෙර ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමාගේ ඇරයුමෙන් බහරේන් අග‍්‍රාමාත්‍යතුමා ශ‍්‍රී ලංකාවේ චාරිකා කළේය. වසර 33කට පසු බහරේන් රාජධානියේ ඉහළ පෙළේ නායකයෙක් ශ‍්‍රී ලංකාවට පැමිණි ප‍්‍රථම අවස්ථාව එය විය.
    රාජපක්‍ෂ මැතිතුමාගේ වත්මන් චාරිකාව ශ‍්‍රී ලංකාවේ ජනාධිපතිවරයෙකු බහරේනයට ගිය ප‍්‍රථම අවස්ථාව වන්නේ ය. 1992 දී නිල රාජ්‍ය තාන්ත‍්‍රික සබඳතා ස්ථාපනයට පෙර සිටම දෙරට අතර සුහද ද්විපාර්ශවික මිත‍්‍රත්වයක් පැවතිණ. ජනාධිපතිතුමාගේ චාරිකාව මේ මිත‍්‍රත්වය හා සහයෝගීතාව තවදුරටත් තහවුරු කිරීමට ඉවහල් වනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

    බහරේන් අමාත්‍යවරු ගණනාවක් අග‍්‍රාමාත්‍යතුමා සමග දිවා භෝජනයට එක්ව සිටියහ.

    Bahrains PM Hosts Luncheon in Honor of President Rajapaksa 1

    Bahrains PM Hosts Luncheon in Honor of President Rajapaksa 2

    විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, විදේශ රැකියා ප‍්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා, කම්කරු හා කම්කරු සබඳතා නියෝජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර, බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී නවුසර් ෆවුසි, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ බහරේනයේ ශ‍්‍රී ලංකා තනාපති අනුර එම්. රාජකරුණා යන මහත්වරු ජනාධිපතිතුමා සමග වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya