මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති බහරේන් රාජ්‍යයේ ශ‍්‍රී ලාංකීය ප‍්‍රජාව හමුවෙයි

    අප්‍රේල් 30, 2014

    රාජ්‍ය චාරිකාවක් සඳහා බහරේන් රාජධානිය වෙත ගොස් සිටින ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් රිට්ස් - කාල්ටන් හෝටලයේ ඊයේ (29) සවස සංවිධාන කරන ලද සුහද හමුවක දී බහරේන් හි වෙසෙන ශ‍්‍රී ලාංකීය ප‍්‍රජාව හමුවිය.


    “කලක් ගත වී වුව ද බහරේනය සමග රාජ්‍ය තාන්ත‍්‍රික සබඳතා ඇරඹීමට හැකිවීම අපට සතුටක්”, යයි රැස්ව සිටි පිරිස අමතමින් ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමා පැවසීය. තානාපති කාර්යාලය විවෘත කිරීම නිසා දෙරට අතර සහයෝගීතාව වර්ධනය වී ඇති බවත් මේ මැදපෙරදිග රාජ්‍යයේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයන්ට වඩාත් හොඳින් සේවය කිරීමේ අවස්ථාව එමගින් රජයට හිමි වී ඇති බවත් එතුමා සඳහන් කළේය.


    තම රටේ වෙසෙන ශ‍්‍රී ලාංකීය ප‍්‍රජාව පිළිබඳව බහරේන් හි හමාද් බින් ඉසා අල්-ඛලීෆා රජතුමා දක්වන ඉහළ සැලකිල්ල සිහිපත් කළ ජනාධිපතිතුමා, ද්විපාර්ශවික හමුවේ දී එරට ආර්ථිකයට බහරේනයේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයන් ලබා දෙන දායකත්වය ගැන රජතුමා කළ ධනාත්මක ප‍්‍රකාශ පිළිබඳව ද සඳහන් කළේය. ඊයේ තමන් වෙත ප‍්‍රදානය කෙරුණු ඛලීෆා අභිධානය පිළිබඳව අදහස් දක්වමින් “එය මට නොව රටට, ශ‍්‍රී ලංකාවට හා ඔබ සැමට ලැබුණු ගෞරවයක්” යයි ජනාධිපතිතුමා පැවසූ විට රැස්ව සිටි පිරිස අත්පොළොසන් දී ප‍්‍රීති ඝෝෂා කළහ.


    ධනාත්මකව ශ‍්‍රී ලංකාව නියෝජනය කරන්නැයි සියලු දෙනා දිරිමත් කළ රාජපක්‍ෂ මැතිතුමා, අසත්‍ය තොරතුරුවලට නොරැවටෙන ලෙස බහරේනයේ වෙසෙන ශ‍්‍රී ලාංකික ප‍්‍රජාවගෙන් ඉල්ලා සිටියේ ය. ඇතැමුන් අර්ථකථනය කිරීමට උත්සාහ කරන පරිදි ශ‍්‍රී ලංකාවේ ආගමික නොසන්සුන්තාවක් නැති බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ය. කිසිම ආකාරයක ආගමික ගැටුමකට ශ‍්‍රී ලංකාව තුළ හිස එසවීමට තමන් ඉඩ නොදෙන බවට එතුමා රැස්ව සිටි පිරිසට සහතික විය.


    විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, විදේශ රැකියා ප‍්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා, කම්කරු හා කම්කරු සබඳතා නියෝජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර, බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී නවුසර් ෆවුසි, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ බහරේනයේ ශ‍්‍රී ලංකා තනාපති අනුර එම්. රාජකරුණා යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.


    HC/NP_IMU_Pix by: Sudath Silva 

    President Meets Sri Lankan Community in Bahrain 6

    President Meets Sri Lankan Community in Bahrain

    President Meets Sri Lankan Community in Bahrain 2

    President Meets Sri Lankan Community in Bahrain 3

    President Meets Sri Lankan Community in Bahrain 4

    President Meets Sri Lankan Community in Bahrain 5

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya