මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිතුමන්ගේ කම්කරු දින පණිවිඩය

    මැයි 01, 2014

    සමස්ත ලෝකවාසී වැඩකරන ජනතාවගේ ශ්‍රේෂ්ඨතම දිනය වන ලෝක කම්කරු දිනය සමරන ශ්‍රී ලංකාවාසී වැඩ කරන ජනතාව වෙනුවෙන් සුභාශිංසන පිරිනැමීම මා හට සතුටුදායක කරුණකි.වැඩ කරන ජනතාව වඩා උද්යෝගයෙන් හා කාර්ය ශූරව තම කාර්යයන් හා වගකීම් ඉටු කරන බව මාගේ විශ්වාසයයි. ඒ සඳහා වැඩකරන ජනතාවට අවශ්‍ය නිදහසත්, වැඩබිමට කාර්මික සාමයත්, සංවිධානය වීමේ හා ක්‍රියාකාරී වීමේ නීතිමය අයිතියත් මේ වන විට රට තුළ ස්ථාපනය කර දීමට හැකිවීම අප ලද භාග්‍යයකි. එබැවින් අප රජයට කම්කරු හිතෛශී පාලනයක් තුළින් නිදහස් හා ප්‍රජාතන්ත්‍රවාදී මැයි දින රැළියක් කම්කරු පන්තියට උරුම කරදීමට හැකිවීම සතුටට කරුණකි.

     



    වර්තමානයේ රට යොමු වී ඇත්තේ නිවැරදි තිරසාර සංවර්ධන මාවතකටයි. ඉන් ගමත් නගරයත් එක ලෙස සමෘද්ධිය කරා වේගයෙන් ළඟා වී ඇත. මහින්ද චින්තනයේ එක් මාවතක් වන දිවිනැගුම සංවර්ධන ව්‍යාපෘතිය මෙන්ම ගම නැඟුම ව්‍යාපෘතිය තුළින් ගමත් නගරයත් සෞභාග්‍යමත් අනාගතයක් කරා ගමන් කරමින් සිටියි.

    ශ්‍රී ලංකා ආර්ථිකය ශක්තිමත් වෙමින් වර්ධනය වන අතර අඛණ්ඩව වසර පහක් පුරා උද්ධමනය තනි අංකයක පවත්වාගෙන යාමට හැකිවීමත්, සේවා වියුක්තිය 4% දක්වා අඩුකර ගැනීමට හැකිවීමත් අප රජය ලැබූ ජයග්‍රහණයන්ය.වැඩ කරන ජනතාව අගාධයට ඇද දමන කුමන්ත්‍රණ විවිධ වේශයෙන් අප වටා තව තවත් වර්ධනය වෙමින් පවතී. පටු දේශපාලන අපේක්ෂාවන් මුල්කර ගත් ඒ කුමන්ත්‍රණ කම්කරු ජනතාව විසින් පෙර පරිදිම පරාජය කොට සමගිය හා කම්කරු අයිතීන් සුරක්ෂිත කර ගන්නා බව මා දනිමි.

    එබැවින් වැඩ කරන ජනතාව සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් ජාතික හා ජාත්‍යන්තර තත්ත්වයන් ජය ගැනීමට ක්‍රියා කරනු ඇතැයි මාගේ විශ්වාසය යි. එබැවින් වැඩ කරන ජනතාවටත් වෘත්තීය සමිතිවලටත් ජය පතමි.
     

    මහින්ද රාජපක්ෂ

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya