අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තායිලන්තයෙත් ශ්‍රී ලංකාවෙත් බෞද්ධාගමික බැඳීම විශිෂ්ටයි - ජනපති

    අප්‍රේල් 28, 2014

     

    සුපිරිසිදු ථෙරවාදී බුදු දහම අදටත් විරාජමානව පවතින තායිලන්තය හා ශ්‍රී ලංකාව අතර පවතින බෞද්ධාගමික බැඳීම මෙන්ම සමාජීය පරිසරය විශිෂ්ටත්වයෙහිලා සැලකිය හැකි බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පැවසීය.


    දෙරටේ මිත්‍රත්වය මෙන්ම අන්තර්ජාතික කටයුතුවලදී බෞද්ධ රටක් වශයෙන් තායිලන්තයෙන් ශ්‍රී ලංකාවට ලැබෙන සහය ද වඩ වඩාත් පැසසිය යුතු බවත් දිවයිනට පැමිණ සිටින තායිලන්ත විශේෂ දූත පරිසරක් පසුගිය 26දා අරලියගහ මන්දිරයේදී හමු වූ අවස්ථාවේදී ජනාධිපතිතුමා අවධාරණය කළේය.

     

    දින 06ක විශේෂ වන්දනීය සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින තායිලන්තයේ උඩොංතානි ප්‍රාන්තයේ වැඩවාසය කරනු ලබන මාර්ගඵලලාභී භික්ෂූන් වහන්සේ නමක් වන අතිපූජ්‍ය ලොන්පොහා සොම්කියාට් චිතමරෝ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු 08 දෙනෙකුගෙන් යුත් මේ දූත පිරිස ජනාධිපතිතුමාගේ ඉදිරි කටයුතු වෙනුවෙන් සෙත් පිරිත් සජ්ඣායනා කොට ආශිර්වාද පළ කළහ.

     

    බෝධීන් වහන්සේලා තුන් නමක්ද අඩි 05ක් උසැති බුද්ධ ප්‍රතිමා වහන්සේලා තුන් නමක් හා කොත්මලේ මහවැලි සෑ විහාරස්ථානයේ සිට ධාතූන් වහන්සේලා ද තායිලන්තය බලා වැඩම කරවීමට නියමිත අතර ජනාධිපතිතුමාගේ සුරතින් මෙහිදී බෝ අංකුර නමක් චිතමරෝ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත පූජා කෙරිණි.

     

    ශ්‍රී ලංකාවට පැමිණ මෙවැනි පුද සත්කාරයක් ලැබීමට අවස්ථාව ලැබීම ගැන තමන් බෙහෙවින් සතුටට පත්වන බවත් සහෘද ශ්‍රී ලාංකීයයන්ගේ මානුෂීය හැඟීම් මෙන්ම ආගමික පුනරුදය සැබවින්ම අගය කළ යුතු බවත් මේ දූත පිරිසේ සම්බන්ධීකාරක වශයෙන් කටයුතු කරන පෙනී කුම්බරී මහත්මිය මෙහිදී ප්‍රකාශ කළාය.

     

    මේ අවස්ථාවට ජනාධිපති ආගමික කටයුතු සම්බන්ධීකරණ ලේකම් පූජ්‍ය වටිනාපහ සෝමානන්ද ස්වාමීන් වහන්සේ, ගෝලීය සුනාමි සහන සේවයේ සභාපති සහ සම අධ්‍යක්ෂ පූජ්‍ය කිරම ධම්මානන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු පිරිසක් එක්ව සිටියහ

     

    NDH/pix by Chandana Perera - pmu

    01 1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya