අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයිනට පැමිණි බාලදක්ෂ නායකයෝ ජනපති හමුවෙති

    අප්‍රේල් 28, 2014

    ආසියානු පැසිෆික් කලාපීය බාලදක්ෂ නායකයන්ගේ සමුළුවට සහභාගිවීමට දිවයිනට පැමිණි බාලදක්ෂ නායකයන් පසුගිය 26දා අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හමු වූහ.


    ඔවුන් ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂයා ලෙස පිළිගත් ජනාධිපතිතුමා සමඟ සුහද කතාබහක නිරත වූහ.

     

    ආසියානු පැසිෆික් කලාපීය බාලදක්ෂ නායකයන්ගේ සමුළුව අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මීගමුවේදී පසුගියදා ආරම්භ කෙරිණි. රටවල් 30ක පමණ බාලදක්ෂ නායකයන් 200කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මේ සිව්දින සමුළුව හෙට (29) දක්වා පැවැත්වේ.

     

    ලෝක බාලදක්ෂ සංවිධානයේ ආසියා පැසිෆික් කලාපීය කාර්යාලය හා ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ සංවිධානයෙන් පැවැත්වෙන මේ සමුළුවේදී පුහුණු සැසිවාර, දේශනා, වැඩමුළු හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් රැසක් සිදු කිරීමට නියමිතය.

     

    මෙවැනි සමුළුවක් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන්නේ පළමු වතාවටයි. ත්‍රස්තවාදය නිම කිරීමෙන් පසු මෙරට ගොඩනැගී ඇති සාමකාමී වාතාවරණයත් සමඟ මෙවැනි සමුළු පැවැත්වීමට සුදුසු පරිසරයක් ශ්‍රී ලංකාවේ නිර්මාණය වී ඇති බව මේ අවස්ථාවේදී බාලදක්ෂ නායකයෝ පෙන්වා දුන්හ.

     

    මේ හමුවට ලෝක බාලදක්ෂ සංගමයේ සභාපති සයිනම් හෑන්ග්, එහි ලේකම් ස්කොට් ටියර්, ආසියා පැසිෆික් කලාපීය සභාපති ආචාර්ය චාඔ ශෝ පෝ, ශ්‍රී ලංකා බාලදක්ෂ ප්‍රධාන කොමසාරිස් මහාචාර්ය නිමල් ද සිල්වා යන මහත්වරු එක්ව සිටියහ.

     

    NDH/pmu_pix by Chandana Perera

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya