අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිතුමා බහරේන් රාජ්‍යයේ නිල සංචාරයක

    අප්‍රේල් 28, 2014

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා තෙදින නිල සංචාරයක් සඳහා අද (28) බහරේන් රාජ්‍යය බලා පිටත්ව යයි.


    බහරේන් රාජ්‍යයේ නිල ආරාධනයක් මත ජනාධිපතිතුමා මේ සංචාරයේ නිරතවන අතර එම සංචාරයේ දී බහරේන් රාජ්‍යයේ හමාඩ් බින් ඉෂා අල් කලිෆා රජු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වේ.


    ශ්‍රී ලංකාව සහ බහරේනය අතර පවතින ද්විපාර්ශවික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම මේ සංචාරයේ අරමුණයි. එහිදී ආර්ථික, සමාජයීය හා සංස්කෘතික වශයෙන් දෙරටටම වැදගත් වන ගිවිසුම්වලට අත්සන් තැබීමට ද නියමිත ව ඇත.


    මේ සංචාරයේ දී ජනාධිපතිතුමා බහරේන් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකේය ප්‍රජාව හමුවීමට ද ව්‍යාපාරික සමුළුවකට එක්වීමට ද නියමිතව තිබේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya