අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සාමය ශක්තිමත් කිරීමට අප උත්සාහ කරන්නේ අන්‍යෝන්‍ය අවබෝධය සහ සංහිඳියාව තුළින් - ජනපති

    අප්‍රේල් 27, 2014

    අද අප රැස්වන්නේ මෑතකාලීන ශ‍්‍රී ලංකා ඉතිහාසයේ වැදගත් අවස්ථාවක බවත් මෙය අප දිනාගත් සාමය සවිමත් කිරීමට ප‍්‍රයත්න දරන අවධියක් බවත් සාමය ශක්තිමත් කිරීමට අප උත්සාහ කරන්නේ අන්‍යෝන්‍ය අවබෝධය සහ සංහිඳියාව තුළින් බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පවසයි.


    කැපිටල් මහරාජා ආයතනයේ 37 වන වාර්ෂික ප්‍රගති සමාලෝචන උළෙලට සහභාගී වෙමින් ජනාධිපතිතුමා මේ බව පැවසීය. ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් රත්මලාන STEYN සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේ දී උළෙල පැවැත්විණි.


    මෙය සංහිඳියාවේ මාවතට අවහිර කර අර්බුදකාරී තත්ත්වයක් යළි ඇති කිරීමට රට තුළත් එතෙරත් උත්සාහ කරන බලවේගයන් පරාජය කිරීමට ප‍්‍රයත්න දරන අවස්ථාවකි. රජය එම බාධකවලට මුහුණ දෙන අතර, මෙම සාමකාමී යුගයේදී විවෘතවී ඇති ඉඩකඩින් උපරිම ප‍්‍රයෝජන ගැනීම ව්‍යාපාරික ප‍්‍රජාවට, විශේෂයෙන් පුද්ගලික අංශයට අයත් කාර්යභාරයක් බව පැවසීය.


    කැපිටල් මහරාජා ආයතනය ප‍්‍රමුඛත්වය දී ඇති ක්ෂේත‍්‍රයන් අතර තොරතුරු සහ සන්නිවේදන තාක්‍ෂණය, මාධ්‍යය, විනෝදාස්වාද සේවා ඇතුළත් බව ද පෙන්වා දුන් ජනාධිපතිතුමා ප‍්‍රගතියේ උපාය මාර්ගවලට මේ ක්ෂේත‍්‍රයන් ඉතා වැදගත් වන බවත් සංවර්ධනය උදෙසා ප‍්‍රමුඛත්වය හිමිවූ සාම්ප‍්‍රදායික ක්ෂේත‍්‍රයන් වන කෘෂිකර්මය, කර්මාන්ත සහ සේවාවන් පමණටම අද ලෝකයේ වැදගත් වී ඇත්තේ තොරතුරු සහ සන්නිවේදන තාක්‍ෂණය, මාධ්‍ය සහ සන්නිවේදනය යන ක්ෂේත‍්‍රයන් බවත් මෙහිදී පැහැදිලි කළේය. මෙම ක්ෂේත‍්‍රයන්ට ශ‍්‍රී ලංකාව ප‍්‍රමුඛත්වය දී නැතැයි කිසිවෙකුට කිව නොහැකි බව ද පැවසූ ජනාධිපතිතුමා පරිගණක සාක්‍ෂරතාව 50%කට ආසන්න වී තිබීම ම මේ සඳහා හොඳ සාධකයක් බව පෙන්වා දුන්නේය.


    යටිතල පහසුකම් ගොඩනැගීමට පමණක් නොව ජාත්‍යන්තර මට්ටමේ මානව සම්පතක් ද ගොඩනැගීම සඳහා අවශ්‍ය ආයෝජන කළ යුතු බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා විද්‍යාව, අධ්‍යාපනය සහ සංස්කෘතිය පිළිබඳ නූතන දැනුම ජනතාවට ලබාදීම තුළින් මාධ්‍යයට ජාතික සංවර්ධනය සඳහා වැදගත් මෙහෙවරක් ඉටුකළ හැකි බවට විශ්වාසය පළ කළේය.


    විශේෂයෙන් අද නවීකරණය වී ඇති (Social Media) හෙවත් සමාජ මාධ්‍ය අත්‍යවශ්‍ය වුවත් ඒ අතර Face Book ආදී සමාජ ජාලයන්ගේ හොඳ මෙන්ම හානිකර පැතිකඩක් ද ඇති බව මෙහිදී ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. මාධ්‍ය විසින් පුද්ගලයින් හෝ ආයතන විනාශ කරන අවස්ථාවන් ද සමහරවිට අපට දක්නට ලැබේ. එබැවින් මාධ්‍යයට පැවැත්මක් ඇති සුවිශේෂ සමාජ වගකීම සිහිකර ගත යුතුය. මෙහිදී විශේෂයෙන් විද්‍යුත් මාධ්‍යයට විශාල සමාජ වගකීමක් තිබෙන බව ද පෙන්වා දුන් ජනාධිපතිතුමා අපගේ ශතවර්ෂ ගණනාවක් තිස්සේ රැකගත් පාරම්පරික අගයන්ට හානි නොවන අන්දමින් ඒවා රැක බලා ගැනීම සියලු මාධ්‍ය ක්ෂේත‍්‍රයන්ගේ වගකීමක් බව ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේය.


    කැපිටල් මහාරාජා සංවිධානයේ සභාපති ආර්. රාජා මහේන්ද්‍රන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හර්ෂ ද සිල්වා, බුද්ධික පතිරණ, අර්ජුන රණතුංග මහත්වරුන් සහ මිලින්ද මොරගොඩ මහතා ඇතුළු ආරාධිත පිරිසක් මේ අවස්ථාවට එක් ව සිටියහ.


    HC/priu

    President at capital maharaja org. 1

    President at capital maharaja org. 2

    President at capital maharaja org. 3

    President at capital maharaja org. 4

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya