මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති බහරේන් රාජ්‍යයට ළඟා වේ

    අප්‍රේල් 28, 2014
    (දෙවන සංස්කරණය) ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමා බහරේන් හි දෙදින රාජ්‍ය චාරිකාවක් අරඹමින් එරට වේලාවෙන් අද (28) පෙරවරුවේ මනමා අගනුවර වෙත ළඟා විය.
     
    බහරේන් අග‍්‍රාමාත්‍ය ඛලීෆා බින් සල්මාන් බින් හමාඩ් අල්-කලීෆා (H.R.H Prince Khalifa bin Salman bin Hamad Al Kalifa) කුමරු සහ මුහාරක් හි ආණ්ඩුකාර සල්මාන් බින් හින්දි (Salman Bin Hindi) මහතා ගුවන් තොටුපළේ දී ජනාධිපතිතුමා මහත් හරසරින් පිළිගත්හ.

     

    ජනාධිපතිතුමා මේ ගමනේ දී බහරේන් හි හමාද් බින් ඉසා අල්-ඛලීෆා රජතුමා සමඟ ද්විපාර්ශවික සාකච්ඡාවල නිරත වෙයි. අනතුරුව අංශ ගණනාවකට අදාළ අවබෝධතා ගිවිසුම් කිහිපයක් අත්සන් තැබීමට නියමිත යි.

     

    ශ‍්‍රී ලංකාවේ මුල් පෙළේ ව්‍යාපාරික දූත පිරිසක් ජනාධිපතිතුමා සමඟ චාරිකාවට එක්ව සිටිති. ජනාධිපතිතුමා සහ ඔවුහු බහරේන් ව්‍යාපාරික ප‍්‍රජාව සමඟ රැස්වීමකට සහභාගී වෙති.

     

    මේ චාරිකාවේ දී ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමා සුපුරුදු පරිදි බහරේන් හි වෙසෙන ශ‍්‍රී ලාංකීය ප‍්‍රජාව ද හමුවනු ඇත.

     

    විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, කම්කරු හා කම්කරු සබඳතා නියෝජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර සහ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග යන මහත්වරු ජනාධිපතිතුමා සමඟ චාරිකාවට එක්ව සිටිති.

     

    DB/ECB/NP_IMU

     
    HE BAHAREIN
     
     
     
     
    HE BAHAREIN 1
     
     
     
    HE BAHAREIN 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya