අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මසක් ඇතුළත තැපැල් ගාස්තු සංශෝධනයක්

    අප්‍රේල් 28, 2014
    තව මසක පමණ කාලයක් තුළ තැපැල් ගාස්තු සංශෝධනයක් සිදු කිරීමට කටයුතු සූදානම් කොට ඇතැයි තැපැල් සේවා අමාත්‍ය ජීවන් කුමාරණතුංග මහතා පැවසීය.
     
    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (28) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
     
    ඒ සඳහා අවශ්‍ය කටයුතු මේ දිනවලදී සිදුකෙරෙන බව සඳහන් කරන අමාත්‍යවරයා එහි අඩු වැඩිවීම් දෙකම අඩංගු වන බවත් පැවසීය.
     
    තැපැල් සම්ප්‍රදායෙන් මිදී තැපෑලට අත්‍යවශ්‍ය නව සේවා ආරම්භ කොට ඇති බවත් පසුගිය කාලවකවානුව තුළදී මාධ්‍ය මගින් ප්‍රචාරය වූ ප්‍රවෘත්තීන් දැනුවත් වීමකින් තොරව ප්‍රචාරය කරන ලද පුවත් බවත් අමාත්‍යවරයා කීය.
     
    දිගු ඉතිහාසයක පමණ සිට ක්‍රියාත්මක කරගෙන යන තැපැල් සේවාව මේ වන විට විශාල ප්‍රගතියක් ලබාගෙන ඇති බවත් නව තාක්ෂණය සමගින් නව සේවා රැසක් සමග අත්වැල් බැඳගනිමින් ආදායම් උපයාගනිමින් සිටින බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
     
    ඉදිරි වසර දෙකක පමණ කාලයක් තුළ තැපෑල ආයතනයක් වශයෙන් ස්වඋත්සාහයෙන් නැගීසිටීමට බලාපොරොත්තු වන බව පෙන්වාදුන් අමාත්‍යවරයා එම ගමන සාර්ථක කරගැනීමට හැකිවෙතැයි අපේක්ෂාවෙන් පසුවන බවත් පැවසීය.
     
    තැපැල් කාර්යාල ජාලගත කිරීමේ නියමු ව්‍යාපෘතියක් පසුගිය වසර දෙක පමණ කාලයක් තුළ ක්‍රියාත්මක කළ බවත් ඒ හරහා අඩුපාඩු හදුනාගෙන ඉතා සාර්ථක අන්දමින් සියලු ප්‍රධාන තැපැල් කාර්යාල ජාලගත කිරීම ඉදිරියේ දී සිදුකළ හැකි බවත් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
     
    2014 වසරේ දී මහාභාණ්ඩාගාරයෙන් මුදල් ලබාගැනීමකින් තොරව තැපැල් සේවා පවත්වාගෙන යාමට අපේක්ෂා කරන බවත් 2012 වසර හා සාපේක්ෂව 2013 වසරේ දී 24%ක ආදායමක් ලබාගත් බවත් උතුරු නැගෙනහිර ජන ජීවිතය නඟාසිටුවීම මෙන්ම තැපෑලේ නව සේවා පිළිබඳව පුළුල් දැනුවත් කිරීමක් සිදු කිරීම ඒ සඳහා හේතු වූ බවත් තැපැල්පති ඩී.එල්.පී. රෝහණ අභයරත්න මහතා පැවසීය.
     
    පරිගණක ජාලගත නියමු ව්‍යාපෘතිය හරහා ලබාදුන් කාර්යක්ෂම සේවය හරහා විශාල ආදායමක් උපයාගත් බවත් 2013 වසරේ දී ආදායම් වියදම් පරතරය මිලියන 1000කින් පමණ අඩුකර ගැනීමට හැකිවූ බවත් පෙන්වාදුන් ඒ මහතා එහි සම්පූර්ණ ගෞරවය දෙපාර්තමේන්තු කාර්යමණ්ඩලයට හිමි විය යුතු බවත් පෙන්වාදුන්නේය.
     
    මුදල් අයකරගන්නා නියෝජිත ආයතනයක් ලෙසින් කටයුතු කිරීමට ආයතන රැසකින් ඉල්ලීම් රාශියක් ලැබී ඇති බවත් පෙන්වාදුන් තැපැල්පතිවරයා මධ්‍යම තැපැල් හුවමාරුවේ ආදායමද මේ වන විට මිලියන 1300කින් පමණ වැඩිකරගෙන ඇති බවත් වැඩිදුරටත් පෙන්වාදුන්නේය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya