අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සියලු අංශ රැක ගනිමින් සංචාරක ව්‍යාපාරය දියුණු කළ යුතුයි

    අප්‍රේල් 25, 2014

    අපේ සංස්කෘතිය ඇතුළු සියලු අංශ රැක ගනිමින් සංචාරක ව්‍යාපාරය දියුණු කළ යුතු බවත් 2010 -2013 කාලසීමාවේ දී 72%කින් ආයෝජන වැඩි වූ බවත් රටේ 8%ක ආර්ථික වර්ධන වේගයක් පවත්වා ගෙන යාමට නම් විදේශ ආයෝජන වැඩි කර ගත යුතුව ඇති බවත් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද (25) පාර්ලිමේන්තුවේ දී පැවසීය.


    ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ සාදන ලද නියමයන් දෙකක් අනුමැතිය සඳහා අද පාර්ලිමේන්තු සභාවට ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා ඒ බව පැවසීය.


    “2008 කලින් මේ වගේ ආයෝජන ආවාම ඒ ගැන මේ පාර්ලිමේන්තුවට කියන්න අවශ්‍ය නෑ. ආයෝජන ගිවිසුමක් ආයෝජන මණ්ඩලය අත්සන් කළා නම් ඒ ගැන පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඊට වැඩිය මොකක්ද එදා තිබුණු වරප්‍රසාදය. අද ඔබට මේ සියල්ල ගැන මෙතනට ඇවිල්ලා කතා කරන්න පුළුවන්. මෙම ගැසට්වලට විරුද්ධව ඊයේ විරෝධතා සිදු කළා 150ක් විතරයි හිටියේ. මහජනතාව විරෝධතාවලට එන්නේ නැහැ... 1988දී එජාප රජය ඉදිරිපත් කළ සූදූ පනත යටතේ කැසිනෝ ව්‍යාපාරය ඇතුළු බොහෝ දේ ආරම්භ කළා. මහින්ද රාජපක්ෂ රජය යටතේ එවැන්නක් සිදු කර නැහැ.“


    යෝජනාව ඉදිරිපත්කරමින් අමාත්‍යවරයා; “පළමු යෝජනාව ලෙස ජේ.එච්.කේ. හෝල්ඩින් සමාගමේ ව්‍යාපෘතිය සහ ක්‍රවුන් සමාගමේ ව්‍යාපෘතියට අදාළ නියමයන් ඉදිරිපත් කරනවා. මේ ගැසට් නිවේදන සඳහා මහජන විරෝධතා සඳහා දවස් 30යි දෙන්න ඕන. දවස් 43ක් කල් දුන්නා. කිසිදු විරෝධයක් ඉදිරිපත් වුයේ නැහැ.


    මේ වෝටර් ෆ්‍රන්ට් ව්‍යාපෘතිය ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගමේ ආයෝජනයක්. එය දේශීය සමාගමක්. එය හැම අංශයක්ම ශක්තිමත් කර තිබෙනවා. මේ සමාගම කොටස් වෙළඳපොළේ විශාලතම සමාගම ලෙස ලැයිස්තු ගතව තිබෙනවා.


    මේ ව්‍යාපෘතිය තුළින් රැකියා ප්‍රශ්නයට විසඳුම් ලැබෙනවා. ඉහළ මට්ටමේ සංචාරක මධ්‍යස්ථානයක් බවට රට පත්කිරීමට හැකි වෙනවා. අපට ඉදිරිපත් කළ ආයෝජන සලකා බලා ඔවුන්ට අවශ්‍ය පහසුකම් සපයා දීමට මේ මගින් අපේක්ෂා කරනවා. ජාත්‍යන්තර සමාගම් සමග කටයුතු කිරීමට මෙවැනි සමාගම්වල ආයෝජන රටට වැදගත් වෙනවා.


    අපිට ඉදිරියට යාමට ආයෝජන අවශ්‍ය වෙනවා. චීනයෙන් පිටතට යන සංචාරකයින් තමයි ලොව ප්‍රධානතම සංචාරකයින් වන්නේ. චීනයේ තවමත් ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කර තිබෙන්නේ 5%කට පමණයි. මේ සංචාරකයන් ඇමරිකන් ඩොලර් බිලියන 130ක් වැය කර තිබෙනවා. මේ වෙළඳපොළ අපිට ඉතාම වැදගත් වෙනවා.


    චීනයේ එක් සංචාරකයෙක් දළ වශයෙන් ඇමරිකානු ඩොලර් 1230ක් වැය කරනවා. මෙය තමයි සංචාරකයෙක් වැය කරන වැඩිම මුදල් ප්‍රමාණය. අපේ සංස්කෘතිය ඇතුළු සියලු අංශ ආරක්ෂා කරමින් සංචාරක ව්‍යාපාරය දියුණු කළ යුතුයි. 2010 -2013 අතර 72%න් ආයෝජන වැඩි වුණා 8%ක ආර්ථික වර්ධන වේගයක් පවත්වා ගෙන යාමට නම් විදේශ ආයෝජන වැඩි කර ගත යුතුයි.


    දෙවන යෝජනාව ක්‍රවුන් සමාගම වෙනුවෙන් ඉදිරිපත් කරනවා. මේ සමාගම බහුවිධ ව්‍යාපාර පවත්වාගෙන යනවා. ප්‍රකාශන, ප්‍රචාරණ, චිත්‍රපට, විනෝද උපාංග, හෝටල් තොරතුරු තාක්ෂණ ආදී සමාගම් විශාල ප්‍රමාණයක් පවත්වාගෙන යනවා. ඕස්ට්‍රේලියාවේ විශාලතම සමාගමක් තමයි ක්‍රවුන් සමාගම. මෙය ඕස්ට්‍රේලියාවේ තුන්වන ව්‍යාපාරිකයා ලෙස සලකන්නේ යැ“යි අමාත්‍යවරයා පැවසීය.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya