අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කැසිනෝ කියමින් ඇති කරන මේ භීතිකාව නැති කළ යුතුයි

    අප්‍රේල් 25, 2014

    ආයෝජන යනු රටක ආර්ථිකය නිර්මාණය කරන ක්‍රමවේදය බවත් ආයෝජන ප්‍රතිපත්තියට පහර එල්ල කිරීමට කැසිනෝ කියන වචනය පාවිච්චි කරමින් සිදුකරන මේ භීතිකාව නැති කළ යුතු බවත් ඛනිජ තෙල් කර්මාන්ත සංවර්ධන අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා අද (25) පාර්ලිමේන්තුවේ දී පැවසීය.


    එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්තිය විශ්වාස කරන්නත් බැරි තරම් වෙනස් වෙලා. එක්සත් ජාතික පක්ෂය එක්කෝ අද ජනතා විමුක්ති පෙරමුණේ ආර්ථික න්‍යායට කිට්ටුවෙලා. ආර්ථික විද්‍යාව පිළිබඳ ව ජනතා විමුක්ති පෙරමුණ දරණ මතයත් එක්සත් ජාතික පක්ෂයේ මතයට වඩා හොඳයි කියා මට හිතෙනවා. විවෘත ආර්ථිකය මේ රටට ගෙනල්ලා කැසිනෝ මේ රටට හඳුන්වා දුන්නු ජෝසිම්ව ගෙනාපු සහ ජෝසිම්ගෙන් සල්ලි ගත්තු එජාපය කරන කතාව. ආයෝජන ප්‍රතිපත්තියට පහර එල්ල කරන්න කැසිනෝ කියන වචනය පාවිච්චි කරනවා.


    අපේ රටේ ආර්ථික ප්‍රගමනයට අවශ්‍ය ආයෝජන රටට අවශ්‍යයි. කැසිනෝ එකක් මුලට දාලා මේ ව්‍යාපෘතිය අවුල් කරන්නට හදන්නේ ඇයි?. තුල්හිරිය ඇති කළේ එජාපයයි. ටයර් සංස්ථාව ඇති කළේ අපේ ආණ්ඩුව. වාහන එකලස් කරන කර්මාන්ත ශාලාවක් අපේ රටේ තිබුණා. උපාලි ෆියට් කාර් එක අපේ රටේ තිබුණා. උපාලි විජයවර්ධන මහතා කර්මාන්තශාලා ගණනාවක් ඇති කළා. එජාපය බලයට ඇවිත් මේ කාර්මික ප්‍රතිපත්තිය විනාශ කළා. විවෘත ආර්ථිකය ඇති කළා. අපේ රටේ කාර්මික ප්‍රතිපත්තිය විනාශ කරන කොට ඉන්දියාව, මැලේසියාව වගේ රටවල් කාර්මික ප්‍රතිපත්තිය ළංකර ගත්තා. කාර්මික ප්‍රතිපත්තිය ළංකරගත් රටවල් අද වේගයෙන් දියුණු වෙනවා.


    අද ඉදිරිපත් කරන නියමයන්වලින් රට තුළ නව වෙනසක් ඇති වෙනවා. ඒ නිසයි මෙයට අකුල් හෙළන්නේ. කණ්ඩලමට විරුද්ධව එදා මමත් පෙළපාළි ගියා. නමුත් පස්සෙ මං තේරුම් ගත්තා ආයෝජනලට විරුද්ධව විරෝධතා දක්වන එක වැරදියි කියලා. විදේශ ආයෝජන කියන්නේ රටක ආර්ථිකය නිර්මාණය කරන ක්‍රමවේදයයි. කැසිනෝ සම්බන්ධයෙන් ඇති කරන මේ භීතිකාව නැති කළ යුතුයි. මේ ආණ්ඩුව විශාල වැඩකොටසක් රට තුළ සිදු කරනවා. ඒ වගේමයි මේ ආණ්ඩුව ජනතාව ගැන සිතන ආණ්ඩුවක්.


    අපේ ආර්ථිකයේ සංචාරක කර්මාන්තයේ නව වෙනසක් ඇති වී තිබෙනවා. රටක් දියුණු වෙනකොට ආර්ථිකය දියුණු වෙනකොට ඍජු විදේශ ආයෝජන ඉතා වැදගත්. රටක සංවර්ධනයට ඍජු ආයෝජනත් ඒ ඔස්සේ නව රැකියා උත්පාදනය වීමත් ජනතාව අතරට මුදල් ගලා යාමත් සිදු විය යුතුයි.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya