අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2013ට වඩා 2014 අලුත් අවුරුදු සමයේ රිය අනතුරු අඩුවේ

    අප්‍රේල් 25, 2014

    2013දී සහ 2014 දී සිංහල හින්දු අලුත් අවුරුදු කාල සීමාව තුළ සිදු ව ඇති රිය අනතුරු සලකා බලන විට 2014දී අනතුරු සංඛ්‍යාව 467කින් අඩුවී ඇතැයි අග්‍රමාත්‍ය දි.මු. ජයරත්න මහතා අද (25) පාර්ලිමේන්තුවේදී පැවසීය.


    නමුත් මේ වසරේ රිය අනතුරුවලින් මියගිය සංඛ්‍යාව 11කින් ඉහළ ගොස් ඇති බව පොලිස්පතිවරයා වාර්තා කර ඇතැයි ද ජයරත්න මහතා පැවසුවේ වැඩබලන විපක්ෂ නායක, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා ස්ථාවර නියෝග 23 (2) යටතේ අද පාර්ලිමේන්තුවේ දී යොමුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.


    රිය අනතුරු අවම කිරීම සඳහා කෙටි කාලීන හා දිගු කාලීන ක්‍රියාමාර්ග රැසක් පොලිසිය මඟින් ගෙන තිබේ. සියලුම පොලිස් ස්ථානවලට අවුරුදු සමය තුළ රථවාහන මෙහෙයවීමට උපදෙස් ලබා දී තිබිණි. ඒ අනුව දවසේ පැය 24 පුරා පොලිස් නිලධාරීන් මාර්ගවල සේවයේ නිරත කර ඇති අතර බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීම, අනතුරුදායක ආකාරයෙන් රථවාහන ධාවනය කරන්නන්ට එරෙහිව නඩු පැවරීම, මාර්ග නීති උල්ලංඝනය කිරීම් ගැන නඩු පැවරීම, පදිකයන් දැනුවත් කිරීම සිදුකරයි. ත්‍රී රෝද රථවලින් වන අනතුරු අවම කරගැනීමට පිටුපස දකුණු පස පැති දොර සවි කිරීමට අවශ්‍ය උපදෙස් දීම, මීට අමතරව මෙම අඩුපාඩු සහිත ත්‍රී රෝද රථ රියැදුරන් රථ වාහන පොලිස් මූලස්ථානයට සහ අනෙකුත් පොලිස් ස්ථානවලට ගෙන්වා දැනුවත් කිරීමේ වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම, මගී ප්‍රවාහන රථ සහ යතුරු පැදිකරුවන් සඳහා විශේෂ අවධානය යොමු කිරීම ආදී කෙටිකාලීන ක්‍රියාමාර්ග ගෙන තිබේ.


    රිය අනතුරු අවම කර ගැනීම සඳහා දිගු කාලීන ක්‍රියාමාර්ග ලෙස අනතුරු බහුලව සිදුවන ස්ථාන හඳුනාගෙන ඒ සඳහා විකල්ප ක්‍රමවේදයන් ඇති කිරීම, බීමත් රියැදුරන් සම්බන්ධව සම්මන්ත්‍රණ පැවැත්වීම, නඩු ලබා ගැනීම, බහුලව රිය අනතුරු සිදුවන කොට්ඨාස හඳුනාගෙන විශේෂ වැඩමුළු පවත්වාගෙන යාම, නවීන තාක්ෂණය උපයෝගී කරගෙන රථ වාහන නීතිය ක්‍රියාත්මක කිරීම, පොලිස් ස්ථාන මට්ටමින් මාර්ග භාවිත කරන්නන් දැනුවත් කිරීමේ වැඩමුළු නොකඩවා පවත්වාගෙන යාමට පියවර ගෙන ඇතැයි අග්‍රාමාත්‍යවරයා පැවසීය.  


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya