අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අඳ ගොවි ගැටලු විසඳීමට ගොවිජන විනිශ්චය සභා 25ක්

    අප්‍රේල් 25, 2014

    මේ වසර අවසන් වීමට පෙර දිස්ත්‍රික් මට්ටමින් ගොවිජන විනිශ්චය සභා 25ක් පිහිටුවීමට රජය පියවර ගන්නා බව විශේෂ ව්‍යාපෘති අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා අද (25) පාර්ලිමේන්තුවේදී පැවසීය.


    කුඹුරු ඉඩම් හිමියන් සහ අඳ ගොවීන් අතර ඇතිවන ආරාවුල් විසඳීම සඳහා මේ විනිශ්චය සභා පිහිටුවන බව ද ඒ සඳහා විශ්‍රාමික විනිසුරුවරුන් පත් කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා පැවසුවේ මාතර දිස්ත්‍රික් එජාප මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද පැනයකට පිළිතුරු ලෙසිනි.


    ඉඩම් හිමියන් හා අඳ ගොවීන් අතර මේ වනවිට ඇතිව තිබෙන ආරවුල් විසඳීමට සෑම දිස්ත්‍රික්කයකම ජංගම සේවා ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව ද කීය.


    කතානායක චමල් රාජපක්ෂ මහතා ද මේ අවස්ථාවේ අදහස් දක්වමින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද මෙවැනි ආරවුල් 35000ක් පමණ ඇති බවත් ඒවා විසඳන්නේ කවදාදැයි විමසා සිටියේය.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya